Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර මොහාලිිහිදී ඊයේ (03) පැවැති තරගයෙන් මුම්බායි ඉන්දීයන්ස් පිල ලකුණු 23 ක ජයක් ලැබීමට සමත් විය. මුම්බායි පිල මෙවර තරගාවලියේ තරග 9 කදී ලැබූ සිවුවැනි ජය මෙය වේ.
ලකුණු 173 ක ජයග්රාහි ඉලක්කය හඹාගිය පංජාබ් පිලට ඕවර 20 දී කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 149 ක් පමණි.
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග, මුම්බායි පිලට ජයග්රහණයේ මාවත විවෘත කරමින් ඬේවිඞ් මිලර් ලකුණු 43 කට පිටියෙන් ඉවත් කළේය.
මාලිංග ඕවර හතරේදී ලකුණු 31 කට කඩුලූ 2 ක් දවා ගැනීමට සමත් විය. මාලිංග මෙවර තරගාවලියේ පිට පිටම සහභාගි වූ 9 වැනි තරගය මෙය වන අතර මාලිංග මේ වන විට කඩුලූ 13 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
මුම්බායි පිලේ ආරම්භක පිතිකරුවන් වූ ලෙන්ඞ්ල් සීමන්ස් (71) සහ පර්තිව් පතෙල් (59) ලකුණු 111 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ලෙන්ඞ්ල් සීමන්ස් පන්දු 56 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස් කළේය.
පන්ජාබ් පිලට තිසර පෙරේරා ඇතුළත්ව සිටිය ද මෙම තරගයට ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 172
(ලින්ඞ් සීමන්ස් 71, පර්තිව් පටෙල් 59, රෝහිත් ශර්මා 26)
කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 149
(මුරලි විජේ 39, ග්ලේන් මැක්ස්වෙල් 12, ඬේවිඞ් මිලර් 43, ජෝජ් බේලි 21, රිදීමන් සාහා 12, ලසිත් මාලිංග 31/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.