Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාසයේ ක්‍රීඩකයා වනිඳු

මාසයේ ක්‍රීඩකයා වනිඳු

editorial - 2023 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ගෙවීගිය ජූනි මාසයේ දක්‍ෂතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් වනිඳු හසරංග තේරී තිබේ. සිම්බාබ්වේ හිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් නිසා වනිඳු හසරංග මෙම සම්මානය සඳහා තෝරාගනු ලැබ ඇත. 

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී එක දිගට තරග 8 ක් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කදිම දායකත්වයක් දුන් හසරංග, එම තරගාවලියේ තරග 7 කදී කඩුලු 22 ක් දවාගත්තේය. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලකුණු 12.90 කි.

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේ තරගත් ඇතුළත් කළ කල්හි ජූනි මාසය ඇතුළත හසරංග විසින් දවාගන්නා ලද එක්දින කඩුලු සංඛ්‍යාව 26 කි. කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 10.00 කි. 

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරග තුනේදී කඩුලු 16 ක් දවාගත් දකුණත් පා දඟ පන්දු යවන්නා, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 3 කදී පිට පිට කඩුලු 5 ක් බැගින් දවාගත් පළමු වැනි දඟ පන්දු යවන්නා ලෙසින් ඉතිහාසයට එක්විය. 

“මේ සම්මානය මට ලැබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් සන්ධිස්ථානයකදී. ඒ තමයි අපි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා තිබීම..” 

“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා වීම මට ගෞරවයක්” යයි හසරංග අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවියට පවසා තිබිණ. 

මාසයේ දක්‍ෂතම ක්‍රීඩකයා තෝරාගනු ලබන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පත්කරනු ලබන විශේෂ කමිටුවක් මගිනි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ වී සිටින ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමත් මෙම තේරීම සඳහා සලකා බලනු ලැබේ. 

හසරංගට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනාගත් එකම ශ්‍රී ලාංකිකයා වන්නේ 2022 ජූලි මාසයේදී එම කීර්තිය අත්කරගත් ප්‍රභාත් ජයසූරියයි. 

මාසයේ දක්‍ෂතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකා ඈෂ්ලි ගාඩිනර් සම්මානයට පාත්‍ර වී තිබේ. 

ඡායාරූප - අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුග්‍රහයෙනි


අදහස් (0)

මාසයේ ක්‍රීඩකයා වනිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.