Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් අංශයේ පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට කටුනායක මාස් ඇක්ටිව් ලෙසර්ලයින් ක්‍රී.ස සහ මාවතගම මාස් හෝල්ඩින්ග්ස් ක්‍රීඩා සමාජ සමත් වූහ. තරගාවලියේ අවසන් මහ තරග ඊයේ (17 වැනිදා) මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
අවිස්සාවේල්ල ටී.ජේ ලංකා ක්‍රීඩා සමාජය තරග වට 3-1 කින් පරදවා (ලකුණු තත්ත්වය 25-23, 25-21, 20-25 සහ 25-20) මාස් ඇක්ටිව් ලෙසර්ලයින් කණ්ඩායම විසින් සුපර් ලීග් පිරිමි ශූරතාව දිනා ගන්නා ලදී. කාන්තා අවසන් තරගයේ දී මීරිගම බ්‍රැන්ඩික්ස් ෆස්ට් ෆැෂන් කණ්ඩායමට 3-0 කින් (ලකුණු තත්ත්වය 25-8, 25-7 සහ 25-10) පරදා මාස් හෝල්ඩින්ස් කණ්ඩායම සුපර් ලීග් කාන්තා ශූරතාවය දිනාගත්තේය.
මීට අමතරව පැවති ශූරතා අංශයේ පිරිමි ජයග්‍රහණ කණ්ඩායම ලෙස ඬේවිඞ් පීර්ස් මෝටර් සමාගමත් එම අංශයේ කාන්තා ශූරතාව ඔමේගා ලයින් කණ්ඩායමත් දිනා ගන්නා ගත්හ.
අවසන් තරග වලදී කටුනායක ක්‍රිස්ටල් මාටින් කණ්ඩායම තරග වට 3-1 කින් (ලකුණු තත්ත්වය 25-19, 29-27, 25-20 සහ 25-16) පරදා ඬේවිඞ් පීරිස් කණ්ඩායම පිරිමි ශූරතාව දිනා ගත්තේය. කාන්තා අවසන් තරගයේදී බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් කණ්ඩායම පරදවා ඔමේගා ලයින් විසින් තරග වට 3-0 ක (ලකුණු 21-25, 25-19 සහ 25-14) ජයක් ලබා ගන්නා ලදී.
මෙම තරගාවලියේ ජයග්‍රහණ කණ්ඩායම සඳහා රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් පිරිණැමිණ.
සුපර් ලීග් අංශයේ දක්ෂතම ක්‍රීඩිකයා වූ ෂෙහාන් ලක්ෂිතට (මාස් හෝල්ඩිංග්ස්) යතුරු පැදියක් සහ දක්ෂතාව ක්‍රීඩිකාව තක්ෂිලා මධුරංගි (මාස් හොල්ඩින්ස්) ට ස්කූටර්යක් පිරිනැමිණ.
විශේෂ දක්ෂතා
සුපර් ලීග් පිරිමි තරගාවලිය
දක්ෂතම ක්‍රීඩකයා - ෂෙහාන් ලක්ෂිත (මාස්)
දක්ෂතම ප්‍රහාරකයා- රොෂාන් මධුශංක (ටිජේ ලංකා)
දක්ෂතම ආරක්ෂකයා- සී.එස්. මුණසිංහ (මාස්)
දක්ෂතම මැදි පෙළ ක්‍රීඩකයා- සමින්ද නිශාන්ත (මාස්)
සුපර් ලීග් කාන්තා තරගාවලිය
දක්ෂතම ක්‍රීඩාකාව - තක්ෂිලා මධුරංගි (මාස් හොල්ඩින්ස්)
දක්ෂතම ප්‍රහාරිකාව -අනුරිෂා චතුනි (මාස් හොල්ඩින්ස්)
දක්ෂතම මැදි පෙළ ක්‍රීඩිකාව - නිසංකා සඳමාලි (මාස්)
ශූරතා අංශයේ පිරිමි තරගාවලිය
දක්ෂතම ක්‍රීඩකයා - කලිඟු මිහිරුක් (ඬේවිඞ් පීර්ස්)
දක්ෂතම ප්‍රහාරකයා- තරිඳු රවිරාජ් (ක්‍රිස්ටල් මාටිර්ටින්)
දක්ෂතම මැදි පෙළ ක්‍රීඩකයා- නාලින්ද චාමර (ඬේවිඞ් පීර්ස්)
ශූරතා අංශයේ කාන්තා තරගාවලිය
දක්ෂතම ක්‍රීඩාකාව - ප්‍රබෝධා මධුෂානි තිලකරත්න (ඔමේගා ලයින්)
දක්ෂතම ප්‍රහාරිකාව -ප්‍රතිභා මහේෂාණි (ඔමේගා ලයින්)
දක්ෂතම මැදි පෙළ ක්‍රීඩිකාව - දුලානි හයසිංහ (ඔමේගා ලයින්)
ඒ කාණ්ඩයේ පිරිමි තරගාවලිය
දක්ෂතම ක්‍රීඩකයා - එන්.එම්.එම්.ඉන්ෆාස් (ප්‍රොස්පෙරොස්)
දක්ෂතම ප්‍රහාරකයා- එන්.එම්.එම්.ඉන්ෆාස් (ප්‍රොස්පෙරොස්)
දක්ෂතම මැදි පෙළ ක්‍රීඩකයා- කේ. ශිවසංක (ප්‍රොස්පෙරොස්)
ඒ කාණ්ඩයේ කාන්තා තරගාවලිය
දක්ෂතම ක්‍රීඩාකාව - පියුමි මහේෂිලා (ඔමේගා ලයින්)
දක්ෂතම ප්‍රහාරිකාව -සදුනි කාවින්ද්‍යා ජයසිංහ (ඔමේගා ලයින්)
දක්ෂතම මැදි පෙළ ක්‍රීඩිකාව - තිලිණි මධුෂාණි (ඔමේගා ලයින්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.