Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාස් සිලුවේටා ක්‍රීඩකයෝ අද (28 වැනිදා) සමත් වූහ. කොළඹ වෙළඳසේවා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මාස් සිලුවේටා කණ්ඩායම ඩිමෝ පිලට එරෙහිව ලකුණු 168 ක ජයක් හිමිකර ගත්තේය.
කාසියේ වාසිය දිනාගත් ඩිමෝ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා මාස් සිලුවේටා පිලට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 319 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.
ලකුණු 155 කට කඩුලු 6 ක් දැවී තිබියදී දෙනුවන් රාජකරුණා සමගින් එක්ව හත්වැනි කඩුල්ල සඳහා පන්දු 73 කදී ලකුණු 59 ක සම්බන්ධතාවයක් පැවැත්වූ දුෂාන් හේමන්ත ඉන් අනතුරුව 8 වැනි කඩුල්ල සඳහා චරන නානායක්කාර සමගින් එක්ව පන්දු 53 කදී තවත් ලකුණු 88 ක වේගවත් සම්බන්ධතාවයක් පැවැත්වීය.
වේගවත් පිතිහරඹයක නිරතවූ දුෂාන් හේමන්ත පන්දු 65 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 82 ක් රැස්කරමින් මාස් සිලුයේටා පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. නිපුන් කරුණානායක පන්දු 32 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් දුෂාන් හේමන්තට අනගි සහයක් ලබාදිමට සමත්විය.
ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය ලකෂාන් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 85 කදී ලකුණු 82 ක් රැස්කළ අතර ඊට හයේ පහර සහ හතරේ පහර 6 බැගින් ඇතුළත් විය. කවිෂ්ක අංජුල කඩුලු 3 ක් සහ නිසල තාරක කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 320 ක ඉලක්කයක් හඹාගිය ඩිමෝ පිලට වමතින් දඟපන්දු යවන ක්‍රීඩක අවිඳු තීක්‍ෂණගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඕවර 27.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 151 ක් පමණි. එක් නිලකුණු ඕවරයක් සමගින් ඕවර 9.2 කදී ලකුණු 42 කට කඩුලු 7 ක් දවාගැනීමට අවිඳු තීක්‍ෂණ සමත්විය.
ආරම්භක පිතිකරුවන්වූ නිපුන් කරුණානායක සහ චරිත් කුමාරසිංහ පළමු කඩුල්ල සඳහා පන්දු 75 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සෙසු පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ලකුණු 320 ක් වැනි ඉලක්කයක් කරා යාම අසීරු විය.
නිපුන් කරුණානායක පන්දු 56 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 42 ක් රැස්කළ අතර චරිත් කුමාරසිංහ පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 35 ක් රැස්කිරීමට සමත්විය.
මාස් සිලුවේටා - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 319
(ධනංජය ලක්ෂාන් 82, දුෂාන් හේමන්ත 82, චරණ නානායක්කාර 47, ඉරෝෂ් සමරසූරිය 30, කවිෂ්ක අංජුල 71/3, නිසල තාරක 74/2)
ඩිමෝ - ඕවර 27.2 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(නිපුන් කරුණානායක 42, චරිත් කුමාරසිංහ 35, මතීෂ පෙරේරා 24, අවිඳු තීක්‍ෂණ 42/7, ඇන්ජලෝ එම්මානුවෙල් 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.