Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී ඩබ්ලිව්.එස්.ඕ.2 කණ්ඩායමට එරෙහිව ලකුණු 72-18 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය.

පළමු වටය අවසානයේ ලකුණු 42-11 ක් ලෙස පෙරමුණගත් මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 30 ක් එක්කර ගත්හ. එහිදී ඩබ්ලිව්.එස්.ඕ.2 කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.

කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායමේ ඕෂදී කරුණාරත්න සම්මාන දිනාගත්තාය. එහිදී මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ටාහිරා කටිලාන් ලකුණු 16 ක්ද, ඩබ්ලිව්.එස්.ඕ.2 කණ්ඩායම වෙනුවෙන් අස්මා කල්දේරා ලකුණු 15 ක්ද බැගින් රැස්කළහ.


- 036

 


අදහස් (0)

මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.