Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට මාස් හෝල්ඩින්ස් කණ්ඩායම සහ ඬේවිඞ් පීරිස් කණ්ඩායම සමත් විය.
පළමු අවසන් පූර්ව තරගයේදී අයි.එෆ්.එස් කණ්ඩායමට එරෙහිව ලකුණු 54-19 ක පහසු ජයක් වාර්තා කළ මාස් හෝල්ඩින්ස් කණ්ඩායම, සිය අපරාජිත බව රැකගනිමින් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 26-11 ක් ලෙස පෙරමුණගත් මාස් හෝල්ඩින්ස් ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 28 ක් එක්කර ගත්හ. අයි.එෆ්.එස් ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධය තුළදී රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.
මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති අතර ලකුණු 24 ක් රැස්කළ මාස් හෝල්ඩින්ස් කණ්ඩායමේ ඕෂදී කරුණාරත්න එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
ඬේවිඞ් පීරිස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 63-20 ක් ලෙස ඩබ්ලිව්.එස්.ඕ.2 කණ්ඩායම පරාජය කරමිනි.
පළමු අර්ධය අවසානයේ ලකුණු 37-11 ක් ලෙස පෙරමුණගත් ඬේවිඞ් පීරිස් ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 26 ක් එක්කර ගත්හ. ඩබ්ලිව්.එස්.ඕ.2 ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධය තුළදී රැස්කරගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි.
කොළඹ ශාන්ත ජෝෂප් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලකුණු 10 ක් රැස්කළ ඬේවිඞ් පීරිස් කණ්ඩායමේ ජයමිනී අතාවුද සම්මාන දිනාගත්තාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.