Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැකලම් යළිත් ආරම්භක පිතිකරු භූමිකාවට

මැකලම් යළිත් ආරම්භක පිතිකරු භූමිකාවට

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් නැවතත් ආරම්භක පිතිකරු භූමිකාවට පිවිසෙයි. තරග 7 කින් සමන්විත එක්දින තරගාවලිය ඉරිදා (11 වැනිදා) ක‍්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි  ඕවල් පිටියේදී ආරම්භ වෙයි. දිවා තරගයක් වන මෙම තරගය නවසීලන්තයේ වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වන අතර එය ශී‍්‍ර ලංකා වේලාවෙන් අලූයම 3.30 ට ආරම්භ වේ.

සීමිත  ඕවර තරගවලදී ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කරන මැකලම් ටෙස්ට් තරගාවලිය සඳහා මැද පෙළට එක්වූ නමුත් එක්දින තරගාවලියේදී නැවතත් සුපුරුදු ස්ථානය කරා පිවිසෙනු ඇත.

ලෝක කුසලන තරගාවලිය සඳහා වන ශී‍්‍ර ලංකා සංචිතයට එක්වූ නවතම ආරම්භක පිතිකරුවා වන දිමුත් කරුණාරත්නගේ හැකියාව මෙම තරගාවලියේදී පරීක්‍ෂාවට ලක්කෙරෙන අතර සිය ස්ථානය තහවුරු කරගැනීමට දිමුත් අසමත් වුවහොත් මහේල ජයවර්ධනට ආරම්භක පිතිකරුවාගේ වගකීම බාරගැනීමට සිදුවනු ඇත.

එක්දින තරගාවලිය සඳහා වන ශී‍්‍ර ලංකා සංචිතයේ කී‍්‍රඩකයෝ 16 දෙනෙකි. ලසිත් මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව මත ඔහු ලෝක කුසලාන තරගාවලියට යොදා ගැනෙන්නේද නැද්ද යන්න පිළිබඳව කිසියම් අදහසක් ලබාගැනීම සඳහා මෙම තරගාවලියේ අවසන් තරග දෙකේදී ලසිත් මාලිංගට අවස්ථාව දීමට ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් සිටින අතර එතෙක් ශමින්ද එරංග සංචිතයේ රැඳී සිටිනු ඇත.

ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය මෙන්ම ලෝක කුසලාන තරගාවලිය සඳහා කැඳවා තිබෙන කී‍්‍රඩකයන් 15 දෙනකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතයට තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන ග‍්‍රාන්ට් එළියට් කැඳවා තිබේ. එලියට් නවසීලන්ත පිලට කැඳවා ඇත්තේ මාස 14 ක කාලයකට පසුවය.

මේ වන විට 35 වැනි වියේ සිටින දකුණත් පිතිකරුවකු වන ග‍්‍රාන්ට් එළියට්, එක්දින තරග 51 කට සහභාගි වී සිටින අතර ඉනිමකදී ලකුණු 29.79 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටී. ඔහු විසින් දවාගන්නා ලද කඩුලූ සංඛ්‍යාව 30 කි. එළියට් අවසන් වරට එක්දින තරගයකට සහභාගි වූයේ 2013 නොවැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිවය.

නවසීලන්තයේ දේශීය තරගාවලියේදී ලකුණු අතර සිටීම හේතුවෙන් ග‍්‍රාන්ට් එළියට්ට මෙම අවස්ථාව උදාවූ බව නවසීලන්ත පිලේ පුහුණුකරු මයික් හෙසන් මහතා පවසයි. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදීම සාර්ථක දස්කම් පෙන්වූ ජේම්ස් නීෂම් ශී‍්‍ර ලංකා පිලට එරෙහි තරගාවලියෙන් මෙන්ම ලෝක කුසලාන සංචිතයෙන්ද හැළී ගොස් තිබේ.

මේ අතර නැගී එන වේග පන්දු යවන්නකු වන ඇඩම් මිල්න්ද එක්දින සංචිතය සඳහා තෝරා ගනු ලැබ ඇත. නිරන්තරයෙන්ම පැයට කිලෝ මීටර 150 ඉක්මවන වේගයකින් පන්දු යවන ඇඩම් මිල්න් තෝරාගනු ලැබ ඇත්තේ අතිරේක වේගයෙන් පිතිකරුවන් බියවැද්දීමට ඔහුට ඇති හැකියාව නිසා බවත් වාර්තාවේ.

පස්වැනි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඩැනියෙල් විටෝරි කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු කී‍්‍රඩකයා වෙයි. නවසීලන්ත ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරුවා වූ ටොම් ලෙතම් කණ්ඩායමේ මැද පෙළට එක්වන අතර කඩුලූ රැුකීමේ කාර්ය භාරය සඳහා ලූක් රොන්කි කැඳවා තිබේ.

ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, රංගන හේරත්, ශමින්ද එරංග,

නවසීලන්ත සංචිතය
බ්‍රෙන්ඩන් මැකලම් (නායක), කෝරි ඇන්ඩසන්, කේන් විලියම්සන්, ග‍්‍රාන්ට් එළියට්, මාටින් ගප්ටිල්, ටොම් ලේතම්, මිචෙල් මැක්ලෙනගන්, නේතන් මැකලම්, කයිල් මිල්ස්, ඇඩම් මිල්න්, ලූක් රොන්කි, ටිම් සවුතී, රොස් ටේලර්, ඩැනියෙල් විටෝරි සහ ටෙ‍්‍රන්ට් බෝල්ට්


අදහස් (0)

මැකලම් යළිත් ආරම්භක පිතිකරු භූමිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.