Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැක්ලාෆින් ලෝක වාර්තාව අලුත් කරයි

මැක්ලාෆින් ලෝක වාර්තාව අලුත් කරයි

editorial - 2021 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන්ගේම ලෝක වාර්තාව අද (4 වැනිදා) නැවත වරක් අලුත් කළ ඇමරිකාවේ සිඩ්නි මැක්ලාෆින් මීටර 400 කඩුලු පැන දිවීමේ (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය. සිය පැරණි ප්‍රතිවාදිනිය වූ දලීලා මොහොමඩ් සමගින් තියුණු තරගයක නිරත වූ සිඩ්නි මැක්ලාෆින් ජයකණුවට මීටර කිහිපයක් තිබියදී දලීලා පසුකර ගියාය.

මැක්ලාෆින්ගේ තරග කාලය තත්පර 51.46 කි. එය ඇයගේම පැරණි ලෝක වාර්තාව වූ තත්ත්පර 51.90 න් තත්පර 0.44 ක් අඩුකිරීමකි. ඇය එහි පැරණි ලෝක වාර්තාව පිහිටවූයේ පසුගිය ජූනි මාසයේදී පැවැති එක්සත් ජනපද තේරීම් තරගාවලියේදීය.

දලීලා මොහොමඩ් යනු රියෝ ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩිකාව වන අතර 2016 ලෝක ශූරියද වූවාය. සිය ඉසව්ව වෙනුවෙන් තත්ත්පර 51.58 ක කාලයක් වාර්තා කළ දලීලාත් පැරණි ලෝක වාර්තාව අභිබවා යාමට සමත් වූවාය. තත්ත්පර 52.03 කින් තරගය නිමා කළ නෙදර්ලන්තයේ ෆෙම්කේ බොල් ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.

අද පෙරවරුවේදී පැවැති තරගය ලෝක වාර්තාව වෙනුවෙන්ම පැවැති තරගයක් විය. කටාරයේ දෝහා නුවරදී පැවැති 2019 ලෝක ශූරතාවලියේදී රන් පදක්කම දිනාගත් දලීලා මොහොමඩ් එදා ලෝක වාර්තාව පිහිටවූවාය. මැක්ලාෆින්ද එතැන සිටි නමුත් 2019 ලෝක ශූරතාවලියේ අවසන් තරගය නිමා වූයේ තරග විනිසුරුවන් අතට අවසන් මොහොතේ ඡායාරූප යවමිනි.

එහෙත් පසුගිය ජූනි මාසයේදී ඔරේගන්හි පැවැති එක්සත් ජනපද තේරීම් තරගාවලියේදී මැක්ලාෆින් ලෝක වාර්තාව සියතට ගත්තාය. අද පෙරවරුවේදී දලීලා නැවත වරක් මැක්ලාෆින්ගේ ලෝක වාර්තාව අභිබවා යාමට සමත් වූ නමුත් මැක්ලාෆින් එම අවස්ථාවේදී ඉදිරියෙන් සිටියාය.


- 213


අදහස් (0)

මැක්ලාෆින් ලෝක වාර්තාව අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.