Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව හරාරේ ක්රීඩාගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ඩොනල්ඞ් තිරිපානෝ යැවූ අවසන් ඕවරයේ 5 වැනි පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කළ මාකස් ස්ටොයිනිස් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ට්‍රැවීස් හෙඞ් (48) සහ ග්ලේන් මැක්ස්වෙල් (56) ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 38 කට මුහුණදුන් මැක්ස්වෙල් හයේ පහර 5 කින් සහ හතරේ පහරකින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 42 කදී වාර්තා වූ හෙඞ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
සිම්බාබ්වේ කණ්ඩාමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ බ්ලෙසිං මුසර්බානී ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත්තේ ට්‍රැවීස් හෙඞ් සහ ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුලුද සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 151 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ සොලමන් මීර් පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් රැස්කළේය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇන්ඩෘ ටේ ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත්තේය. සිම්බාබ්වේ පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් බිලී ස්ටැන්ලේක් සහ ජේ රිචඞ්සන් කඩුලු 2 බැගින් දවාගත්හ.
සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 151
(සොලමන් මයර් 63, පීටර් මුවර් 30, ඇන්ඩෘ ටේ 28/3, බිලී ස්ටැන්ලේක් 21/2, ජේ රිචඩ්සන් 32/2)
ඕස්ට්‍රේලියාව- ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 155
(ඇලෙක්ස් කේරි 16, ට්‍රැවිස් හෙඞ් 48, ග්ලේන් මැක්ස්වෙල් 56, බ්ලෙසිං මුසර්බානී 21/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.