Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන පිහිනුම් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස මැතිව් අබේසිංහ සහ අනීකා ගෆූර් නිර්දේශ කිරීමට ජාතික ජල ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සුදුසුකම් නොලත් නාමලේඛනය හෙවත් ‘පංගු ක්‍රමය’ යටතේ ශ්‍රී ලංකාවට පිහිනුම් ක්‍රීඩාවෙන් හිමි අවස්ථාව යටතේ ඔවුන්ට ‘ටෝකියෝ’ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභගි වීමේ වරම හිමිව තිබේ.
ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ලබන ජුලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඔලිම්පික් උළෙලකදී සුදුසුකම් ලත් නාමලේඛනයෙන් අවස්ථාව නොලබන රටවලට පංගු ක්‍රමය යටතේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කිරීමේ අවස්ථාව සැලසේ. මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ලැබෙන අවස්ථාව සඳහා මැතිව් අබේසිංහ හා අනීකා ගෆුර් තෝරාගනු ලැබ ඇත.
‘දකුණු ආසියාවේ දිය කිඳුරා’ ලෙස හැඳින්වෙන 24 හැවිරිදි මැතිව් අබේසිංහ වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් හතක් දිනා ගනිමින් වාර්තාවක් පිහිටුවූ ක්‍රීඩකයාය. සාග් ක්‍රීඩා උළෙල දෙකකදී රන් හා රිදී පදක්කම් 18 ක් හිමිකර ගනිමින් ඔහු තවත් වාර්තාවක් පිහිටුවා තිබෙන මැතිව් ඇමෙරිකාවේ ඉගෙනුම ලබන අතර එහි සිට ඔහු පිහිනුම් පුහුණුවීම් කරයි.
ප්‍රවීණ පිහිනුම් පුහුණුකරු මනෝජ් අබේසිංහ මහතා මැතිව්ගේ පියාය. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවගේ පුහුණුකරු ලෙස මනෝජ් අබේසිංහ මහතා නිර්දේශ වනු ඇතැයි ද වාර්තා වේ.
තවමත් 16 හැවිරිදි වියේ පසුවන අනිකා ගෆුර් මීට පෙර ලෝක ජල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවකි. කෙසේ වුවත් අනිකාට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ අවස්ථාව හිමිව ඇත්තේ ඒ සඳහා නිර්දේශ වීමට නියමිතව සිටි කිමිකෝ රහීම්ගේ ඉවත් වීම හේතුවෙනි.
සිංගප්පූරුවේ වෙසෙන කිමිකෝ රහීම් මේ වනවිට පිහිනුම් පුහුණු කටයුතුවලින් ඉවත්ව සිටින නිසා ඇය ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සම්බන්ධයෙන් උනන්දු වී නැත. එබැවින් තේරීම් කමිටුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අනිකා ගෆුර් නිදේශ කිරීමට තීරණය කළ බව ද වැඩිදුරටත් වාර්තා වේ.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නිර්දේශ කිරීමට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි හිටපු සභාපති වන මහින්ද ලියනගේ මහතාය. ඊට හේතුව ලෝක ජල ක්‍රීඩා සංගමය තවමත් ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනය ලෙස නිල වශයෙන් පිළිගනු ලබන්නේ මහින්ද ලියනගේ මහතා සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ (හිටපු) විධායක සභාව බැවිනි.
වත්මන් සභාපති නේතෲ නානායක්කාර මහතා ජල ක්‍රීඩා තේරීම් කමිටුවේ නිර්දේශ අනුමත කරමින් අත්සන් තබා තිබෙන අතර ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කළ නිර්දේශිත ලේඛනයට හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා අත්සන් තබා තිබේ.
අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය විසින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ වත්මන් විධායක සභාව තවමත් පිළිනොගන්නා අතර දැනට වසර කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවට පනවා ඇති ජල ක්‍රීඩා ජාත්‍යන්තර තරග තහනම ද මෙතෙක් ඉවත් කර නැත. මෙම තහනමට හේතුව වසර 2017 දී ජල ක්‍රීඩා සංගමයේ විධායක සභාව ඉවත් කරමින් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණයයි.
ඒ අතර පසුව අතුරු කමිටුව අහෝසි කරමින් පැවැති ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී නේතෲ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි වත්මන් විධායක සභාව පත් කිරීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වූ බවට චෝදනා කරමින් අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවේ තහනම තවදුරටත් ක්‍රීයාත්මක කරයි. කෙසේ වුවත් මෙම මැයි 29 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදීත් නේතෲ නානායක්කාර මහතා සභාපති ධුරයට නිතරගයෙන් පත්ව සිටියි. හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා එහි ක්‍රියාකාරී කමිටුවට පත්ව සිටියි.
විජේ Tuesday, 18 May 2021 01:04 AM
මැතිව්ගේ දැම්මා වගේ අනිකගෙත් නම දැම්මනං ඉවරයිනේ, ඇයි නම නොකියා ඒ ළමයාට එහෙම කරන්නේ, ඕකද ඔයාලගේ මාධ්‍ය සදාචාරය? ඒ ළමයා එච්චර හපන්කමක් කරලත් කිසිම ගෞරවයක් නැතුව අනිකා අනිකා කියන්නේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.