Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් - ගමගේ ආපසු එති

මැතිව්ස් - ගමගේ ආපසු එති

Nisanka Sandeepani - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ කොදෙව් දූපත්හී තරග සංචාරය අතහැර දමා අද (13 වැනිදා) දිවයින බලා පැමිණීමට නියමිතව ඇත.

ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇති අතර පළමු ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ සිදුවූ අස්ථී බිඳී යාමක් හේතුවෙන් ළහිරු ගමගේට තරගාවලිය අතහැර දිවයිනට පැමිණීමට සිදුව ඇත.

ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු ගමගේ දිවයිනට පැමිණිම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඇතිවූ පුරප්පාඩු දෙක පිරවීමට බංග්ලාදේශයේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ උපනායකයා ලෙස නම්කර සිටි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

ටෙස්ට් තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති දසුන් ශානක එහිදි රැස්කර ඇත්තේ ලකුණු 29 ක් වන අතර ලකුණු රැස්කරීමේ සාමාන්‍යය 5.80 කි. ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් තරග 2 කදී ලකුණු 48 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 12.00 කි.

 


අදහස් (1)

මැතිව්ස් - ගමගේ ආපසු එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.