Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩිල්රුවන් පෙරේරා (95) සහ ඇන්ජලෝ මැතිව්ස් (91) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 112 ක සම්බන්ධතාව නිසා පාකිස්තානයට එරෙහිව සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 428 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටියදී ඉනිම අත්හිටුවීය.
අද දිනයේ ක‍්‍රීඩාව අවසන් වන විට පාකිස්තානු පිල පළමු ඉනිම ස`දහා කිසිවකු නොදැවී ලකුණු 19 ක් රැස්කර සිටියේය.
නායක අන්ජලෝ මැතිව්ස් සහ ටෙස්ට් පිටියට කෝඩුකාර ඩිල්රුවන් පෙරේරා ඕවර 53.2 ක් කඩුලූ රැකගනිමින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 112 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකාව මෙවැනි ප‍්‍රබල තැනකට ගෙන ඒමට පදනම දැමූහ.
පළමු ටෙස්ට් ඉනිම ක‍්‍රීඩා කළ ඩිල්රුවන් පෙරේරා සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 247 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 95 ක් ලබා ශතකය පෙනි පෙනි නව වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඩිල්රුවන් මංගල ඉනිමේදීම විශිෂ්ට අර්ධ ශතකයක් සම්පූර්ණ කිරීම කැපී පෙනිණු අතර ඔහු අර්ධ ශතකය සදහා පන්දු 176 ක් ක‍්‍රීඩා කළේය.
මෙම ලකුණු 95 ශ‍්‍රී ලංකා පිතිකරුවකු සිය මංගල ටෙස්ට් ඉනිමේදී ශ‍්‍රී ලංකාවෙන් පිටතදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. හිටපු කඩුලූ රකින ක‍්‍රීඩක චාමර දුනුසිංහ, නවසීලන්තයට එරෙහිව නේපියර්හිදී 1995 වසරේ ලකුණු 91 ක් රැස්කරමින් පැරණි වාර්තාවට හිමිකම් කීවේය. ඩිල්රුවන් මෙම අර්ධ ශතකයත් සමග මංගල ටෙස්ට් ඉනිමේදී අර්ධ ශතකයක් රැුස්කළ 15 වැනි ශ‍්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එකතු විය.
ශ‍්‍රී ලංකා එක්දින පිලේ ආරම්භක පිතිකරුවකු වූ ඩිල්රුවන් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව සිය සුපුරුදු පිතිහරඹයට අවතීරණය වූ ආකාරය දැකගත හැකි විය.
පිට දග පන්දු යවන්නකු ලෙස කණ්ඩායමට එක්වූ 31 හැවිරිදි ඩිල්රුවන් ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පස්වැනි ඉහළම වයසේ ක‍්‍රීඩකයා බවට ද පත්වෙමින් ශ‍්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ අංක 8 ස්ථානයේ තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීම මොහොමඞ් තල්හාට අලංකාර හතරේ පහරකින් සංග‍්‍රහ කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 13 වැනි අර්ධ ශතකය ලබාගත්තේය. පන්දු 256 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 91 ක් ලබාගත් මැතිව්ස් හත්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට මෙම තරගාවලියේ ඉනිම හතරකදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් (91, 157*, 42 සහ 91) සමගින් ලකුණු 381 ක් රැස්කර තිබේ.
ඩිල්රුවන් සහ ශාමින්ද එරංග (නොදැවී 25) නවවැනි කඩුල්ලට ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශී‍්‍ර ලංකා පිල ලකුණු 400 සීමාව ඉක්මවා ගෙන යෑමට සමත් වූහ. මෙම ලකුණු 72 ක සාජා ක‍්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක නවවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාව ද වේ.
තරගයේ පළමු දිනය වූ ඊයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබාගැනීමට පෙර, පන්දු යැවූ මොහොමඞ් තල්හාට පහසු උඩපන්දුවක් දුන් නමුත් පන්දු යවන්නාට එය රැකගත නොහැකි විය. ඒ වන විට ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 5 ක් දැවී 166 ක් විය.
යම් හෙයකින් එම උඩපන්දුව රැුකගත්තා නම් ශී‍්‍ර ලංකා පිලේ 6 වැනි කඩුල්ලත් ලකුණු 166 දීම බිඳ වැටෙන අතර ශී‍්‍ර ලංකා පිල ඉතාමත් අසීරු අඩියකට පත්වීමට ඉඩතිබිණ. එහෙත් උඩපන්දුව බිම දැමීමෙන් ප‍්‍රයෝජන ගත් මැතිව්ස් සිය කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන සමග එක්ව හයවැනි කඩුල්ල සදහා ලකුණු 73 ක සම්බන්ධතාවක් පවත්වමින් පකිසතානු පන්දු යවන්නන් අධෛර්යයට පත්කළහ.
හෙට (18) තරගයේ තෙවැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.