Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ නවතම ශේ‍්‍රණිගත කිරීම් වලට අනුව ලොව දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර පළමු සහ දෙවැනි ස්ථාන වලට පත්වීමට ශී‍්‍ර ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් සහ තිලකරත්න ඩිල්ෂාන් සමත්වී ඇත.
ඒ අනුව ප‍්‍රසාද ලකුණු 407 ක් ලබා සිටින ඇන්ජලෝ මැතිව්ස් දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර පළමු ස්ථානයේද, ප‍්‍රසාද ලකුණු 404 ක් ලබා සිටින තිලකරත්න ඩිල්ෂාන් එහි දෙවැනි ස්ථානයේද රැදී සිටිති.
බංගලාදේශ පිලේ හිටපු නායක ශකීබ් අල් හසන් ප‍්‍රසාද ලකුණු 403 ක් ලබා එම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ පසුවෙයි.
තමන් අවසන් වරට සහභාගී වූ එක්දින ජාත්‍යන්තර තරග 15 දී (ඉන්දියාව සමග 4 කදී, එංගලන්තය සමග 7 කදී සහ නවසීලන්තය සමග 4 කදී) ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 606 ක් රැස්කිරීමට ශී‍්‍ර ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වී තිබේ. එහිදී ඔහු දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 11 කි.
ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් සමගින් අවසන් වරට සහභාගී වී ඇති එක්දින ජාත්‍යන්තර තරග 15 දී (ඉන්දියාව සමග 3 කදී, එංගලන්තය සමග 7 කදී සහ නවසීලන්තය සමග 5 කදී) ලකුණු 809 ක් රැස්කරගෙන ඇති තිලකරත්න ඩිල්ෂාන්, එහිදී කඩුලූ 15 ක් බිඳහෙළීමට සමත් වී තිබේ.
දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩයකයන්ගේ ලැයිස්තුව
1 ඇන්ජලෝ මැතිව්ස් (ශී‍්‍ර ලංකාව) - 407
2 තිලකරත්න ඩිල්ෂාන් (ශී‍්‍ර ලංකාව) - 404
3 සකීබ් අල් හසන් (බංගලාදේශය) - 403
4 මොහොමඞ් හෆීස් (පාකිස්තානය) - 397
5 සහීඞ් අෆ්රිඩි (පාකිස්තානය) - 340
6 රවින්ද්‍ර ජදේජා (ඉන්දියාව) - 333
7 ජේම්ස් ෆෝක්නර් (ඕස්ටේ‍්‍රලියාව) - 318
8 මොහොමඞ් නබි (ඇෆ්ගනිස්තානය) - 290
9 ෂේන් වොට්සන් ( ඕස්ටේ‍්‍රලියාව) - 284
10 කෙවින් ඕ’බ‍්‍රයන් (අයර්ලන්තය) - 260
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.