Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වන බව වාර්තාවේ. පුහුණුවීම් වලදී ඔහුගේ පාදයේ බත්කෙණ්ඩේ ආබාධය නැවතත් ඉස්මතු වීම ඊට හේතුවයි.
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප්‍රබලතම පිතිකරුවන් වන අසේල ගුණරත්න සහ කුසල් ජනිත් පෙරේරා දෙදෙනාම තවමත් තුවාල ලයිස්තුවේ සිටීමත් වඩාත් පළපුරුදු පිතිකරුවකු වන උපුල් තරංග මාස හයක කාලයක් සඳහා ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමත් නිසා මැතිව්ස්ගේ ආබාධය ශ්‍රී ලංකා පිලට බලවත් පාඩුවක් වී තිබේ.
“ඒක පරණ ආබාධයම තමයි, ඒත් එච්චර බරපතළ නෑ...බොහෝ වෙලාවට දෙවැනි ටෙස්ට් තරගය වෙනකොට මට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
පාකිස්තානයට එරෙහි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඉරිදා (24 වැනිදා) පිටත්ව යන අතර පළමු ටෙස්ට් තරගය 28 වැනිදා ආරම්භ වෙයි.
මේ වසර මුලදී දකුණු අප්‍රිකාවේ තරග කරමින් සිටියදීත් මෙම කලව පිටුපස ආබාධය ඉස්මතු වීම හේතුවෙන් මැතිව්ස්ට අන්තර්ජාතික තරග කිහිපයක්ම අහිමි විය. ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී නැවතත් කණ්ඩායම මෙහෙයවීමට ඉදිරිපත් වූ මැතිව්ස්ගේ ආබාධය යළි මතුවීම නිසා දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ඔහුට අහිමි විය.
තරගාවලියට සහභාගිවන 15 දෙනකුගෙන් යුත් සංචිතය තවමත් නම්කර නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.