Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමිවෙයි

මැතිව්ස්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමිවෙයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය දකුණු පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මේ වන තෙක් අපේක්‍ෂිත සුවය නොලැබීම හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වනු ඇතැයි වාර්තා වේ.

පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ දිනවල අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමි විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 6 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත අතර එය දිවා/රාත්‍රී තරගයකි.

“මා හිතන්නේ නෑ දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමට එකතු වෙන්න මට අවස්ථාව ලැබෙයි කියලා....පසුගිය සතිය ඒ තරම් හොඳින් ගෙවුණේ නෑ. ඒ නිසා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට ඉස්සෙල්ලා මම මගේ ආබාධය සනීප කරගන්න ඕනෑ” යයි ඇන්ජලෝ මැතිව්ස් ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට පවසා තිබිණ.

දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන නමුත් මැතිව්ස් ශාරීරික ආබාධ සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ක්‍රීඩකයෙකි. 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන්  තරගයද මැතිව්ස්ට අහිමි වූයේ පාදයේ ආබාධයක් හේතුවෙනි. මේ වසරේ මුලදී පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදීත් පාදයේ ආබාධයකට ලක්වූ මැතිව්ස් ජූනි මාසය වනතෙක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියේය.

දිගින් දිගටම ඇතිවන ශාරීරික ආබාධ හේතුවෙන් මැතිව්ස්ගේ කාර්යභාරය මේ වන විට බොහෝසේ සීමා වී තිබේ. ටෙස්ට් තරග වලදී පිතිකරුවකු ලෙසින් පමණක් ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් එක්දින සහ විස්සයි-20 තරග වලදී පමණක් ඕවර කිහිපයක් යවයි.

 


අදහස් (0)

මැතිව්ස්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.