Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ස්පාඤ්ඤයේදී ඊයේ (18) රාත්‍රියේදී තරග වැදුණු, ශ්‍රී ලංකාවේ ආසියානු මැදි දුර ධාවන රන් පදක්කම්ලාභීණි තරුෂි කරුණාරත්න මීටර් 600 (කාන්තා) ඉසව්වෙන් දෙවැනි ස්ථානයට පත්වූවාය. එහිදී ඇගේ තරග කාලය විනාඩි 1තත්පර 24.84 කි.
දෙවැනි ස්ථානය ලබාගත් නමුත් ඇයගේ එම දක්ෂතාව මීටර 600 ඉසව්වේ නව ආසියානු වාර්තාවක් ලෙස ප්‍රකාශ විය. තරුෂි පරාජය කරමින් මීටර 600 ඉසව්ව ජය ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙන්ඩේරේ ඔබෝයාගේ කාලය වූයේ විනාඩි 1තත්පර 24.53 කි.
මිටර් 800 (කාන්තා) ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා උත්සාහ ගනිමින් සිට්න තරුෂි ස්පාඤ්ඤයේදී මීටර් 600 ඉසව්ව්ට තරග වැදීම ගැන අදහස් දැක්වූ ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා කීවේ මෙම තරගාවලියට මීටර් 800 (කාන්තා ) ඉසව්ව ඇතුළත්ව නොතිබූ බවයි. ඔහු වැඩිදුරටත් පැවැසුවේ මීටර් 600 (කාන්තා) ඉසව්වෙන් තරග වැදී ලබන ප්‍රසාද ලකුණු මීටර් 800 (කාන්තා) ඉසව්වට එක් කෙරෙන බැවින් ස්පාඤ්ඤ තරගාලියෙන් ලබා ගත් ප්‍රසාද ලකුණු ඇගේ ප්‍රධානතම ඉසව්ව වන මීටර් 800 (කාන්තා) ඉසව්වට එක් කෙරෙන බවයි.
තරුෂි ඊයේ දැක්වූ දක්ෂතාව අනුව ලෝකයේම ඇයට එම ඉසව්වේ 23 වැනි ස්ථානය හිමිවී තිබේ. එසේම මිටර් 800 ( කාන්තා) ඉසව්වේ තරුෂිට හිමි ස්ථානය 46 යි. එහි වැදගත්කම වන්නේ පැරිස් ඔලිම්පික් සදහා එම ඉසව්වෙන් නිර්දේශ වන්නේ ක්‍රීඩිකාවන් 48 දෙනෙකු බැවිනි.
ඒ අනුව මේ වන විට පැරිස් ඔලිම්පික් උළෙල සදහා ප්‍රසාද ලකුණු ක්‍රමයට අනුව නිර්දේශ ලබා ගැනීමේ ආසන්නටම පැමිණි සිටින මෙරට ක්‍රීඩිකාවන් දෙදෙනා අතර තරුෂිද සිටියි. පළමු වැනියා වන්නේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීශා දිල්හානි ලේකම්ගේය.
වසරේ විශිෂ්ටතම කාන්තාවට හිමි සම්මාන ද දිනා ගත් තරුෂි තවමත් 20 හැවිරිදි වියේ පසු වන ළාබාල ක්‍රීඩිකාවකි. වලල ඒ. රත්නායක මැදි විදුහලේ උසස් පෙළ හදාරමින් සිටින ඇය වසර 2023 ජූලි මාසයේ බැංකොක් නුවරදී පැවැති ආසියානු ශූරතා තරගාවලියට සහභාගි වෙමින් නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් මීටර් 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.
එයින් අනතුරුව පැවැති හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලදීත් ඇය එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එකී කාලය තුළදී ( 2023 - 24 මේ දක්වා) ඇය පැවැති ආසියානු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි සියල්ලේදීම මිටර් 800( කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටියි.
ස්පාඤ්ඤ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කාලිංග කුමාරගේ මීටර් 400 (පිරිමි) ඉසව්වෙන් තෙවැනි ස්ථානයට පත් වූයේ තත්පර 45.91 ක දක්ෂතාවයක් පළ කරමිණි. එහෙත් පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට නම් එම ඉසව්ව තත්පර 45.00 කට අඩු කාලයකින් නිමා කළ යුතුය.
පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා මලල ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට හිමි අවස්ථාව ජූනි 30 වැනිදායින් අවසන් වේ. පසුගිය කාලය පුරා යුපුන් අබේකෝන් ඇතුළු මෙරට නම ගිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක්ම විදෙස් තරග සංචාර සදහා සහභාගි වූවත් ඔවුන් කිසිවෙකුත් මෙතෙක් නිර්දේශ ලේඛනයෙන් නිර්දේශ ලබා ගැනීමට සමත් වී නැත.
කෙසේවුවත් ඒ සදහා ඔවුන්ට හිමිවූ විදෙස් තරග සංචාර මේ වනවිට අවසන් වෙම්න් තිබේ. ඒ සදහා මෙරටදීත් ඔවුන්ට ආසන්නයේදීම අවස්ථාවක් උදාවී තිබේ.ඒ ජූනි 23 සිට 25 දක්වා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වෙන 101 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියයි.
එහිදීත් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට ඔවුන් අපොහොසත් වන්නේ නම් මෙම තරගාවලියට සහභාගි වීමේ ඔවුන්ට ඊළගට ඇති වැදගත්කම වන්නේ සුදුසුකම් ලේඛනයෙන් බාහිරව ඊට නිර්දේශ කර ගන්නා ප්‍රසාද ලකුණු ක්‍රමයට ඔවුන් ඇතුළත් වීමයි.
මේ අතර ජූනි 30 වැනිදා මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා දරන අවසන් ප්‍රයන්තය ලෙස තෝරා ගත් ඉසව් කීපයක් සදහා පමණක් නිර්දේශිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් විෂේශ තේරීම් තරගාවලියක් පැවැත්වීමටට ශ්‍රී මලල ක්‍රීඩා ආයතනය මේ වන විට සැළසුම් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.