Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මීටර 100 වාර්තාවේ අර්බුදය නිමා වෙයි

මීටර 100 වාර්තාවේ අර්බුදය නිමා වෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවාහාටි සාෆ් ක්‍රීඩා උළෙලේදී අසාර්ථක වූ උත්සාහය කොළඹ සුගතදාස පිටියේදී අද (24 වැනිදා) පැවැති පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී සාර්ථක කරගත් කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන් මීටර 100 (පිරිමි) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. හිමාෂගේ මෙම දස්කමත් සමගම මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව තත්ත්පර 10.26 ද නැතහොත් තත්ත්පර 10.27 ද යන්න සම්බන්ධයෙන් පැවැති අර්බුදය නිමා විය.

මෙම ඉසව්වේ පැරණි ශ්‍රී ලංකා වාර්තාවට (තත්පර 10.26) ඉතාම ආසන්නයෙන් පැවැති තත්ත්පර 10.27 සම කරමින් පසුගිය සිකුරාදා පැවැති අවසන් පූර්ව තරගයේදී දස්කම් දැක්වූ විනෝද් සුරංජය ද සිල්වාගේ අවසන් තරගයේ දස්කම් තත්පර 10.64 කට සීමා විය.

පෙරේදා පැවති මීටර 100 පිරිමි තෙවැනි මූලික තරගයේදී තත්පර 10.11 ක වාර්තාගත කාලයක් සටහන් කිරීමට හිමාෂ ඒශෂාන් සමත් වූවත් සුළඟේ බලපෑම හේතුවෙන් එය ශ්‍රී ලංකා වාර්තා පොතට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කෙරුණි. කෙසේ වෙතත් තත්ත්පර 10.11 ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වෙතින් මීටර 100 ධාවනයේදී මෙතෙක් වාර්තා කළ හොඳම කාලය ලෙස සැලකේ.

ගුවාහාටි සාෆ් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක හිමාෂ ඒෂාන් 2016 පෙබරවාරි 8 වැනිදා මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 10.26 කට නිමා කරමින් එහි රන් පදක්කම දිනා ගත් අතර එහිදී ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවන ලදි. එහෙත් එම අවස්ථාවේදී හිමාෂට මීර 100 (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අහිමි වූයේ ඊට සුළං මාපකයක් නොතිබීම හේතුවෙනි.

පසුව අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ උපදෙස් මත එය මීටර 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තත්ත්පර 10.26 ලෙසින් සටහන් කළද, ඒ ආසන්නයේදීම වසර 2018 මැයි 11 වැනිදා ක්වාලාලම්පුර් නුවරදී විනෝද් සුරංජය ද සිල්වා විසින් වාර්තා කරන ලද තත්ත්පර 10.27 කාලයද සටහන් කෙරිණ.

මේ අතර මීටර 800 (කාන්තා) ඉසව්වේදී ඊයේ වඩාත් ඉහළ දස්කම් පළවීමේදී සිව්වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයන්ගෙන් හොඳ තරග නිමි කාලයක් වාර්තා වී තිබුණි.

 එහිදී නිමාලි ලියනආරච්චි විනාඩි 2 තත්පර 2.83, ගයන්තිකා අබේරත්න  වි 2:03.36, දිල්ෂි කුමාරසිංහ වි 2:04.23 හා එන්.එම්.සී. දිල්රුක්‍ෂි 2:04.23 කලකට පසුව හොඳම තරග නිමි කාලයක් වාර්තා කළහ. ගයන්තිකා අබේරත්න සතු මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව විනාඩි 2:02.55 කි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පවසන්නේ ඊයේ මීටර 800 ඉසව්වේ ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා සැලකිල්ලට ගැනීමේදී එය වසර 2018 බහමාස්හි පැවැති ලෝක සහාය දිවීමේ තරගාවලියේ මීටර් 800ං4 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත් කාලයට සමාන බවයි.

 පෙරේදා තේරීම් තරගාවලියේ පළමු දිනයේදී තුන් පිම්ම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් ග්‍රේෂන් ධනංජය මීටර 16.71 ක දක්‍ෂතාවක් දැක්විය. එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් මෙම තේරීම් තරගාවලිය පැවැත්වුණි.

මෙහි දෙවැනි තේරීම් තරගාවලිය ලබන මාර්තු 22 වැනිදා සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

මීටර 100 වාර්තාවේ අර්බුදය නිමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.