Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට බහමාස් ක‍්‍රීඩිකා ෂෝනා මිලර් 15 වැනිදා (ඊයේ) සමත්වුවාය. ඇමරිකානු මීටර 400 ශූරිය ඇලිසන් ෆීලික්ස් සමග අවසන් මීටරය දක්වාම අතිශය තියුණු තරගයක නිරත වූ ෂෝනා මිලර් අන්තිම මීටරයේදි ඉදිරියට පැන්නාය.
අවසන් රේඛාවේදී ඇලිසන් ෆීලික්ස්ට වඩා ෂෝනා ඉස්සර වූයෙන් ෂෝනට රන් පදක්කම පිරිනැමිණ. ජයග‍්‍රාහී සීමාවට පනිමින් තරගය අවසන් කිරීම මලල කී‍්‍රඩා තරග බිමේ කිසිදා නොදුටු සිදුවීමක් ද විය.
ෂෝනා ගේ මෙම අනපේක්‍ෂිත ජයග‍්‍රහණය හමුවේ මීටර 400 ඉසව්වේ වත්මන් ලෝක ශූරිය වන ඇමරිකානු ක‍්‍රීඩිකා ඇලිසන් ෆීලික්ස්ට රිදී පදක්කමෙන් සෑහීමට සිදුවුවාය. පසුගිය වසරේ චීනයේ බීජිං නුවර පැවැති මලල ක‍්‍රීඩා ලෝක ශූරතාවලියේදී ෆීලික්ස් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර ෂෝනාට එහිදී හිමි වුයේ රිදී පදක්කමයි.
සඳුදා පැවැති තරගයේදී ෂෝනා තත්පර 49.44 කින් තරගය නිම කළ අතර ෆීලික්ස් තරගය අවසන් කළේ තත්පර 49.51 කිනි. තවමත් 22 හැවිරිදි බහමාස් ක‍්‍රීඩිකාව ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකට සහභාගිවු පළමු අවස්ථාව ද මෙයවේ.
තරගය අවසානයේදී ෂෝනා පවසා ඇත්තේ තමන්ට සිදු වු දේ පිළිබදව කිසිවක් සිතාගත නොහැකි බවත්, තමන්ගේ සිතට ආවේ රන් පදක්කම දිනා ගැනීම පමණක් බවත්ය. 2011 ලෝක යොවුන් මලල ක‍්‍රීඩා තරගාවලිය සහ 2010 ලෝක කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ෂෝනා මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ක‍්‍රීඩිකාවයි.
මීටර 200 කාන්තා ඉසව්වේ ලෝක ශූරිය මෙන්ම එම ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම්ලාභිනියද වන ඇලිසන් ෆීලික්ස් දිනාගත් රිදී පදක්කම ඇයගේ හත්වැනි ඔලිම්පික් පදක්කම ද වේ. ඇය අවසන් වරට 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 200, මීටර 100×4 සහය දිවීම සහ මීටර 400×4 සහය දිවීම ඉසව්වලින් රන් පදක්කම් දිනා ගත්තාය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.