Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 33 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩකයෝ ඕවර 18.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ නායක හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 21 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
විල් ජැක්ස් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක්ද, ආරම්භක පිතිකරු රයන් රිකෙල්ටන් පන්දු 23 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 31 ක්ද රැස්කරමින් ජයග්‍රහණයට දායකත්වය ලබාදුන්හ. සූර්යකුමාර් යාදව් පන්දු 15 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක්ද, රෝහිත් ශර්මා පන්දු 16 කින් හයේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද රැස්කළහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් සිය ඕවර 4 ලකුණු 26 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් නමුත් ඔහුට මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහාහී මාවත අවහිර කිරීමට නොහැකි විය. ජයග්‍රහණය සඳහා මුම්බායි කණ්ඩායමට ලකුණු 2 ක් පමණක් අවැසිව තිබියදී 18 වැනි ඕවරය ලකුණකට සීමා කරමින් කඩුලු 2 ක් බිඳහෙළීමට ඒෂාන් මාලිංග සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබාගත් අතර එහිදී සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් අභිෂේක් ශර්මා පන්දු 28 කින් ලකුණු 40 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. ට්‍රැවීස් හෙඩ් (28) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද අභිෂේක් සමත් විය.
පන්දු 29 කදී වාර්තා වූ හෙඩ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර හෙන්රිච් ක්ලාසන් පන්දු 28 කදී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. නිතිෂ් රෙඩ්ඩි පන්දු 21 කදී හතරේ පහරක් සමග ලකුණු 19 ක්ද, අනිකෙත් වෙර්මා පන්දු 8 කදී හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 18 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 162
(අභිෂේක් ශර්මා 40, ට්‍රැවීස් හෙඩ් 28, නිතිෂ් රෙඩ්ඩි 19, හෙන්රිච් ක්ලාසන් 37, අනිකෙත් වෙර්මා නොදැවී 18, විල් ජැක්ස් 14/2)
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 18.1 කදී කඩුලු 6 ක් දැවී 166
(රයන් රිකෙල්ටන් 31, රෝහිත් ශර්මා 26, විල් ජැක්ස් 36, සූර්යකුමාර් යාදව් 26, තිලක් වර්මා නොදැවී 21, හර්දීක් පාණ්ඩ්‍යා 21, පැට් කමින්ස් 26, ඒෂාන් මාලිංග 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.