Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (6 වැනිදා) පැවැති තරගය ලකුණු 13 කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 168 ක් පමණි.
අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ රොබින් උතප්පා පන්දු 35 කට මුහුණදෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය.
රොබින් උතප්පා සහ නිතිෂ් රානා එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 56 කදී ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වුවද ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට අපොහොසත් වූහ.
නිතිෂ් රානා ලකුණු 31 ක් රැස්කළ අතර ඩිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 36 ක් රැස්කිරීමට සමත්විය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ හර්දික් පාණ්ඩ්‍යා සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 181 ක් රැස්කිරීමට සමත්විය.
අර්ධ ශතකයක් ලබාගත් සූර්යකුමාර් යාදව් පළමු කඩුල්ල සදහා එවින් ලෙවිස් සමගින් එක්ව පන්දු 56 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබාදුන්නේය.
පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සූර්යකුමාර් යාදව් සමත්වූ අතර එවින් ලෙවිස් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.
හර්දික් පාණ්ඩ්‍යා පන්දු 20 කදී හයේ පහරක් හතරේ පහර 35 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.
ඇන්ඩී්‍ර රසල් සහ සුනිල් නරේන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදුනොකරමින් අවසන් වරට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයටද සහභාගී කරවා ඇති අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් රිංකු සිං සහ ශිවම් මාවී ඉවත්කර ඔවුන් වෙනුවට නිතිෂ් රානා සහ ප්‍රසිධ් ක්‍රිෂ්ණා කණ්ඩායමට කැඳවූහ.
කාසියේ වාසිය ලැබූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 181
(සූර්යකුමාර් යාදව් 59, එවින් ලෙවිස් 43, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 35, ඇන්ඩී්‍ර රසල් 12/2, සුනිල් නරේන් 35/2)
කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 168
(රොබින් උතප්පා 54, නිතිෂ් රානා 31, ඩිනේෂ් කාර්තික් නොදැවී 36, හර්දික් පාණ්ඩ්‍යා 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.