Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර බැංගලෝර්හිදී අද (19) පැවැති දිනයේ දෙවැනි තරගයෙන් මුම්බායි ක‍්‍රීඩකයෝ ලකුණු 18 ක ජයක් ලැබීමට සමත් වූහ.
මුම්බායි පිල මෙවර තරගාවලියේ තරග පහකදී ලැබූ පළමු ජය මෙය වේ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 210 ක දැවැන්ත ඉලක්කය හඹාගිය බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 191 ක් පමණි.
මුම්බායි පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඕවර හතරේදී නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 35 කට දිනේෂ් කාර්තික්ගේ කඩුල්ල දවා ගත්තේය.
ඒ. බී. ඩිවිලියස් පන්දු 11 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළ ද ජයග‍්‍රහණයට එය ප‍්‍රමාණවත් නොවීය.
පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා පන්දු 15 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 42 ක් රැුස්කරමින් මුම්බායි පිල ඉහළට ඔසවා තැබීය.
ලිඞ්ල් සීමන්ස් (59) සහ උන්කුට් චාන්ද් (58) අර්ධ ශතක රැස්කරමින් මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාවට යෑමට මග සකස් කළහ.
ලිඞ්ල් සීමන්ස් පන්දු 44 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 59 ක් ද, උන්කුට් චාන්ද් පන්දු 37 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 58 ක් ද, රැස් කළහ.
බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 209
(ලිඞ්ල් සීමන්ස් 59, පර්තිව් පටෙල් 12, උන්කුට් චාන්ද් 58, රෝහිත් ශර්මා 42, ඩාවිඞ් විසි 33/4, යුෂ්වෙන්ද්‍ර චහල් 28/2)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 191
(ක‍්‍රිස් ගේල් 10, මන්වින්ඩර් බිස්ලා 20, විරාට් කෝලි 18, දිනේෂ් කාර්තික් 18, ඒ. බී. ඩිවිලියස් 41, ඩාවිඞ් විසි නොදැවී 47, ඉක්බාල් අබ්දුල්ලා 20, හර්බජාන් සිං 27/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.