Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි පිල තෙවැනි ජය ලබයි

මුම්බායි පිල තෙවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර මුම්බායිහිදී අද (01) පැවැති දිනයේ දෙවැනි තරගයෙන් මුම්බායි ක‍්‍රීඩකයෝ ලකුණු 8 ක තියුණු ජයක් ලැබූහ.

මුම්බායි පිල මෙවර තරගාවලියේ මේ දක්වා තරග 8 කදී ලැබූ තෙවැනි ජය මෙය වේ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කය හඹාගිය රාජස්ථාන් පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 179 ක් පමණි.

සංජු සැම්සන් පන්දු 46 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 76 ක් රැස්කළ ද එය ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් නොවීය.

ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 34 කට කඩුල්ලක් දවා ගත්තේය. මාලිංග මෙවර තරගාවලියේ පිට පිටම තරග 8 කට සහභාගි වී කඩුලූ 11 ක් දවා ගනිමින් කඩුලූ ලාභීන් අතර පස්වැනි ස්ථානයේ රැදී සිටියි.  

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිලේ අම්බාටි රයිදු වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 27 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ආවේය.

රාජස්ථාන් පිල නායක ෂේන් වොට්සන් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 187
(ලින්ඞ් සිමන්ස් 38, පර්තිව් පටෙල් 23, රෝහිත් ශර්මා 27, අම්බාටි රයිදු නොදැවී 53, කරන් පොලාඞ් 24, ධාවල් කුල්කරනි 26/2)

රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 179
(අජින්‍යා රහනේ 16, ෂේන් වොට්සන් 28, සංජු සැම්සන් 76, ස්ටීව් ස්මිත් 23)


- 048


අදහස් (0)

මුම්බායි පිල තෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.