Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 56 වැනි මෙන්ම පළමු වටයේ අවසන් තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර හයිද්‍රාබාද්හිදී අද (17) පැවැති දිනයේ දෙවැනි තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් ලැබූ මුම්බායි පිල ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.
චෙන්නායි (18), මුම්බායි (16), බැංගලෝර් (16) සහ රාජස්ථාන් (16) යන කණ්ඩායම් පිළිවෙළින් අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
මුම්බායි පිල ලකුණු 114 ක ඉලක්කය ඕවර 13.5 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
හයිද්‍රාබාද් පිලේ ආරම්භක පිතිකරුවන් වන ඬේවිඞ් වෝනර් (6) සහ ශීකර් ධවාන් (1) පන්දු හතකදී දැවී යෑමෙන් ඉනිම අඩපණ විය. ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 17 කට ශීකර් ධවාන් සමගින් කඩුලූ දෙකක් දවා ගැනීමට සමත් විය.
හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 113
(මොයිසිස් හොන්ද්‍රික්ස් 11, ලෝකේෂ් රාහුල් 25, අෂීෂ් රෙඞ්ලි 17, කරන් ශර්මා 15, ඬේන් ස්ටෙයින් නොදැවී 19, මිචෙල් මැග්ලිනැහැන් 16/3, ජගදීෂ සුචිත් 14/2, ලසිත් මාලිංග 17/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 13.5 කදී කඩුලූ 1 ට 114
(ලින්ඞ් සිමන්ස් 48, පර්තිව් පටෙල් නොදැවී 51)
- 048
ඡායාරූපය - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.