Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්ත කි‍්‍රකට් සභාපතිගේ පිල අතර පැවැත්වෙන දෙදින පෙරහුරු තරගයේ ආරම්භක දිනය වූ අද (21 වැනිදා) ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 173 කට සීමා කිරීමට නවසීලන්ත කි‍්‍රකට් සභාපතිගේ පිල සමත් විය.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ 9 වැනි කඩුල්ලත් ලකුණු 164 දී බිඳ වැටුණු අතර ලකුණු සංඛ්‍යාව 173 ක් වෙද්දී ශී‍්‍ර ලංකා නායකයා ඉනිම නතර කළේය. නවසීලන්ත සභාපතිගේ පිලේ පිතිකරුවන්ටත් නිදහසේ හුස්ම ගන්නට නොදුන් සුරංග ලක්මාල් සහ ශමින්ද එරංග දෙදෙනා, ඕවර 8 ක් තුළදී ලකුණු 37 කට සත්කාරක පිලේ කඩුලූ 3 ක් බිම දැමූහ. තරගයේ මුල් දිනයේදී පමණක් බිඳවැටුණු කඩුලූ සංඛ්‍යාව 12 කි.
මෙම තරගය පළමු පෙළ තරගයක් නොවන අතර එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියට සහභාගි වෙමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට එක්දින තරග මානසිකත්වයෙන් මිදී නැවතත් රතු පන්දුව සහ සුදු ඇඳුමට හුරුවීමට අවස්ථාව සලසා දීම සඳහා වෙනුවෙන් මෙම තරගය පැවැත්වේ.
මෙම තරගයේදී කණ්ඩායමක් වෙනුවෙන් කී‍්‍රඩකයන් 12 දෙනකු නම්කර තිබෙන නමුත් පිටියට පිවිසෙන්නේ කී‍්‍රඩකයන් 11 දෙනකු පමණි. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ශමින්ද එරංග පන්දුවට පහර දුන්නේ නැත.
අංක 4 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි ළහිරු තිරිමාන්න පන්දු 113 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක්සහ හයේ පහරක් සමග ලකුණු 50 ක් ලබාගත්තේය.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකාව - පළමු ඉනිම
කෞෂාල් සිල්වා - ඇ.ක්ලීවර් ප.ගිබ්සන් 14
දිමුත් කරුණාරත්න - ඇ.කිචන් ප.ෆර්ගසන් 18
කුමාර් සංගක්කාර - ඇ.ක්ලීවර් ප.මැකෝඞ් 1
ළහිරු තිරිමාන්න - ඇ.මැකෝඞ් ප.ජොන්සන් 50
දිනේෂ් චන්දිමාල් - ඇ.ජොන්සන් ප.මැකොන්චි 17
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.කිචන් ප.මැකෝඞ් 0
ප‍්‍රසන්න ජයවර්ධන - ඇ.ජොන්සන් ප.මැකෝඞ් 24
නිරෝෂන් දික්වැල්ල - ඇ.ෆර්ගසන් ප.ටේලර් 19
ඩිල්රුවන් පෙරේරා - ඇ.හිකී ප.මැකොන්චි 16
තරිඳු කෞෂාල් - නොදැවී 0
සුරංග ලක්මාල් - නොදැවී 5
අතිරේක 9
ඕවර 59 කදී කඩුලූ 9 ක් දැවී 173
කඩුලූ වැටීම :
1-21, 2-24, 3-46, 4-47, 5-84, 6-121, 7-137, 8-161, 9-164
පන්දු යැවීම :
ලැචී ෆර්ගසන් : 13-1-29-1, මිචෙල් ස්නෙඩන් : 4-1-09-1, බෙන් මැකෝඞ් : 15-4-30-3, ජැමී ගිබ්සන් : 8-0-33-1, මැතිව් ටේලර් : 6-2-16-1, ටිම් ජොන්සන් : 11-0-49-1, කෝල් මැකොන්චි : 2-1-01-2
නවසීලන්ත කි‍්‍රකට් සභාපතිගේ පිල - පළමු ඉනිම
අනාරු කිචන් - ඇ.ප‍්‍රසන්න ප.ලක්මාල් 6
ඞීන් රොබින්සන් - ප.එරංග 2
ජෝනෝ හිකී - නොදැවී 14
ජැමී ගිබ්සන් - ප.එරංග 0
මැතිව් ටේලර් - නොදැවී 7
අතිරේක 8
එකතුව ඕවර 14 කදී කඩුලු 3 ක් දැවී 37
කඩුලූ වැටීම :
1-10, 2-10, 3-10,
පන්දු යැවීම :
සුරංග ලක්මාල් : 4-1-06-1, ශමින්ද එරංග : 4-0-14-2, ධම්මික ප්‍රසාද් : 3-1-0-03-0, ඩිල්රුවන් පෙරේරා : 1-0-07-0, නුවන් ප්‍රදීප් : 2-2-00-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.