Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙන්ඩිස් - චන්දිමාල් සටන අත්නොහරිති

මෙන්ඩිස් - චන්දිමාල් සටන අත්නොහරිති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සිවුවැනි දිනයේ (17 වැනිදා) දිවා ආහාරය සඳහා නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය.

දිවා ආහාරය සඳහා නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 89 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක්ද, නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 7 ක්ද බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

හතරේ පහර 6 ක් සමගින් සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සමග එක්ව ලකුණු 88 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොනැගුවේය.

තෙවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 102 ක් එක්කරගත්හ. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

ඊයේ දිනයේදී ක්‍රියාත්මක වූ අවසන් ඕවර 2 තුළ රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි කසුන් රාජිතට අද දිනයේදී මුහුණදිය හැකි වූයේ පන්දු 4 කට පමණි. ශැනෝන් ගේබි්‍රයල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා රාජිතට ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ශැනෝන් ගේබි්‍රයෙල් ඉඩක් ලබාදුන්නෙ නැත. පිත්තේ පිටත දාරයේ වැදුණ පන්දුව පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ඩෙවොන් ස්මිත්ගේ දෑත් අතර සිරවීමත් සමග ධනංජයගේ ඉනිම ලකුණු 3 කට සීමා විය.

පළමු ඉනිමේදී ලකුණු නොළබා දැවී ගිය ආරම්භක පිතිකරු මහේල උඩවත්ත, දෙවැනි ඉනිමේදී තරමක් ඉවසිලිවන්ත ලෙස පිහිහරඹයක නිරත විය. හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක් ලබා සිටියදී කේමර් රෝච්ගේ පන්දුවකට ඉහළින් ඇදී යන ලෙස ගැසූ පහරක් උඩපන්දුවක් ලෙස රැකගැනීමට මිඞ් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි දේවේන්ද්‍ර බිශෝ සමත් වීමත් සමග උඩවත්තගේ ඉනිම නිමාවට පත්විය.

 

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
කුසල් පෙරේරා  - ඇ. හෝල්ඩර් ප. රෝච් 32
මහේල උඩවත්ත  - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 0
ධනංජය ද සිල්වා - ප.ගේබ්‍රියෙල් 12
කුසල් මෙන්ඩිස්  - ඇ.ඩව්රිච් ප.හෝල්ඩර් 45
දිනේෂ් චන්දිමාල්  - නොදැවී 119
රොෂේන් සිල්වා - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 6
නිරෝෂන් දික්වැල්ල- ඇ.හෝප් ප.ගේබ්‍රියෙල් 16
අකිල ධනංජය - ඇ. ඩව්රිච් ප. රෝච් 2
සුරංග ලක්මාල් - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් 10
කසුන් රාජිත - ඇ. ඩව්රිච් ප. රෝච් 4
ළහිරු කුමාර - ඇ. හෝප් ප. රෝච් 0
අතිරේක (බ-1, නි-2, ව-2,පා-2) 7
එකතුව ඕවර 79 කදී සියලුදෙනා දැවී  253
කඩුලු වැටීම :
 1-1 (උඩවත්ත), 2-15 (ධනංජය ද සිල්වා), 3-59 ( පෙරේරා), 4-126 ( මෙන්ඩිස්), 5- 148 (රොෂේන් සිල්වා), 6-179 (දික්වැල්ල), 7-190 (අකිල ධනංජය), 8-206 (ලක්මාල්),9- 237 (රාජිත),10- 253 (කුමාර)
පන්දු යැවීම:
කෙමාර් රෝච් 18-8-49-4
ෂැනෝන් ගේබ්‍රියෙල් 16-4-59-5
මිගෙල් කමින්ස්  19-5-69-0
ජේසන් හෝල්ඩර්  14-2-56-1
දේවේන්ද්‍ර බිෂෝ 11-3-15-0
රොස්ටන් චේස් 1-0-2-0
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ. දික්වැල්ල ප.රාජිත 22
ඩෙවෝන් ස්මිත් -ක.මු.කළා ප. අකිල ධනංජය 61
කිරන් පවෙල් - ඇ. මෙන්ඩ්ස් ප. කුමාර 27
ෂායි හෝප් - ඇ. ධනංජය ද සිල්වා  ප. ලක්මාල් 19
රොස්ටන් චේස් - ඇ. ලක්මාල් ප. කුමාර 41
ෂේන් ඩව්රිච් - ඇ. දික්වැල්ල ප. ලක්මාල්  55
ජේසන් හෝල්ඩර් -  ඇ. දික්වැල්ල ප. රාජිත  15
දේවේන්ද්‍ර බිෂෝ - ඇ.මෙන්ඩිස් ප. රාජිත  2
කෙමාර් රෝච් - ක.මු.කළා ප. කුමාර 13
මිගෙල් කමින්ස් - නොදැවී 8
ෂැනෝන් ගේබ්‍රියෙල් - ඇ.ධනංජය ද සිල්වා ප. කුමාර 3
අතිරේක (බ-11, නි-1, ව-9,පා-8,ද.ල - 5) 34
එකතුව ඕවර 100.3 කදී සියලු දෙනා දැවී 300
කඩුලු වැටීම :
1-59(බ්‍රැත්වෙයිට්),2-115 (පවෙල්), 3-149 (හෝප්), 4-163 (ස්මිත්), 5-241 (චේස්), 6- 254 ( ඩව්රිච්), 7- 261 (බිශූ), 8-279 (හෝල්ඩර්),          9-292 (රෝච්), 10-300 (ගේබ්‍රියෙල්)
පන්දු යැවීම:
සුරංග ලක්මාල් 24-6-50-2
අකිල ධනංජය  25-7-81-1
කසුන් රාජිත  22-6-49-3
ළහිරු කුමාර 26.3-4-86-4
ධනංජය ද සිල්වා  3-0-10-0
ශ්‍රී ලංකාව - දෙවන  ඉනිම 
කුසල් පෙරේරා - ඇ. ඩව්රිච් ප. ගේබ්‍රියෙල්  20
මහේල උඩවත්ත - ඇ. බිෂෝ ප. රෝච් 19
කසුන් රාජිත - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් 0
ධනංජය ද සිල්වා - ඇ. ඩෙවොන් ස්මිත් ප. ගේබ්‍රියෙල් 3
කුසල් මෙන්ඩිස් - නොදැවී  53
දිනේෂ් චන්දිමාල් - නොදැවී 27
අතිරේක ( බ-8, නි-4, ව-2) 14
එකතුව ඕවර 40 කදී කඩුලු 4ක් දැවී  136
පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ 
රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර 
කඩුලු වැටීම :
1-32 (පෙරේරා), 2-34 (රාජිත), 3-44 (ධනංජය), 4-48 (උඩවත්ත)
පන්දු යැවීම:
කෙමාර් රෝච්  8-1-34-1
ෂැනෝන් ගේබ්‍රියෙල්  12-5-22-3
ඩේසන් හෝල්ඩර්  7-3-18-0
මිගෙල් කමින්ස් 6-0-12-0
දේවේන්ද්‍ර බිෂෝ 4-0-26-0
රොස්ටන් චේස් 3-0-16-0

- 036


අදහස් (0)

මෙන්ඩිස් - චන්දිමාල් සටන අත්නොහරිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.