Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලිටන් දාස්ගේ ධෛර්යවත් අර්ධ ශතකයට පසුව ඉන්දීය පිතිකරුවන් අන්දමන්ද කළ මෙහෙදි හසන් මිරාස්, මිර්පූර් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කරා යාම සිතූ තරම් පහසු නොවන බව ඉන්දීය පිතිකරුවන්ට එත්තු ගැන්වීය. ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් කරා යමින් සිටින ඉන්දීය පිතිකරුවෝ තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 45 ක් ලබා සිටියහ.
ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය වන්නේ ලකුණු 100 ක් පමණක් වන නමුත් මෙහෙදි හසන් සහ සකිබ් අල් හසන් යන දඟ පන්දු යවන්නන් දෙදෙනා හමුවේ ඉන්දියානුවන්ගේ ගමන පහසු එකක් නොවේ.
දෙවැනි ඉනිමේදී සකිබ් අල් හසන් විසින් ලෝකේෂ් රාහුල් දවාගැනීමෙන් පසුව ක්‍රියාත්මක වූ මෙහෙදි හසන් (12/3) විසින් ශුබ්මන් ගිල්, චෙටේස්වාර් පුජරා සහ විරාට් කෝලි දවාගනිමින්, ලකුණු පුවරුව ලකුණු 37 කට කඩුලු 4 ක් ලෙසින් වෙනස් කළේය. ශුබ්මන්, පුජාරා සහ කෝලි තිදෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි.
දිගින් දිගටම කඩුලු වැටුණ හෙයින් ඉන්දීය පිලට මුරකරු පිතිකරුවා ලෙසින් ජේදේව් උනද්කාට් කැඳවීමට පවා සිදුවිය. කෙසේ වෙතත් ඉන්දීය මුල් ඉනිමේ විරයන් වන රිෂාබ් පන්ට් සහ ශ්‍රෙයාස් අයියර්, පන්දුවට පහර දීමේ බලාපොරොත්තුවෙන්, තවමත් ක්‍රීඩාගාරයේ සිටිති.
විරාට් කෝලි දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටී. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 10 සටහන් වන්නේ 29, 45, 23, 13, 11, 20, 01, 19*, 24 සහ 01 ක් ලෙසිනි. කෝලිගේ මෙම ඉනිම 10 න් තුනක් ශ්‍රී ලංකාවට එරෙහිවය.
තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය ලකුණු 188 කින් ජයගත් ඉන්දියාව 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
බංග්ලාදේශය - පළමු ඉනිම 227
(නජ්මුල් හොසේන් 24, සකීර් හසන් 15, මොමිනුල් හක් 84, සකිබ් අල් හසන් 16, මුෂ්ෆිකුර් රහීම් 26, ලිටන් දාස් 25, මෙහෙදි හසන් 15, උමේෂ් යාදව් 25/4, ජේදේව් උනද්කාට් 50/2, රවිචන්ද්‍රන් අශ්වින් 71/4)
ඉන්දියාව - පළමු ඉනිම 314
(ලෝකේෂ් රාහුල් 10, ෂුබ්මන් ගිල් 20, චෙටේස්වාර් පුජාරා 24, විරාට් කෝලි 24, රිෂාබ් පන්ට් 93, ශ්‍රෙයාස් අයියර් 87, රවිචන්ද්‍රන් අශ්වින් 12, ජේදේව් උනද්කාට් නොදැවී 14, උමේෂ් යාදව් 14, සකිබ් අල් හසන් 79/4, තයිජුල් ඉස්ලාම් 74/4)
බංග්ලාදේශය - දෙවැනි ඉනිම 231
(සකීර් හසන් 51, සකබ් අල් හසන් 13, ලිටන් දාස් 73, නුරුල් හසන් 31, ටස්කින් අහමඩ් නොදැවී 31, රවිචන්ද්‍රන් අශ්වින් 66/2, මොහොමඩ් සිරාජ් 41/2, අක්ෂර් පතෙල් 68/3)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 4 ක් දැවී 45 යි
(අක්ෂර් පතෙල් නොදැවී 26, මෙහෙදි හසන් මිරාස් 12/3)
විරාට් කෝලි දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටී. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 10 සටහන් වන්නේ 29, 45, 23, 13, 11, 20, 01, 19*, 24 සහ 01 ක් ලෙසිනි. කෝලිගේ මෙම ඉනිම 10 න් තුනක් ශ්‍රී ලංකාවට එරෙහිවය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.