Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස දිල්හාන් ජයවර්ධන මහතා නිතරගයෙන් පත් විය. එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත්දා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී 2017-2019 යන කාල සීමාව සඳහා ජයවර්ධන මහතා සභාපති ධූරයට පත්විය.
එම සංගමයේ ලේකම් ධූරය සඳහා රිස්වි ෆාරුක් සහ නමාස් ෆවුසි යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත්කර තිබූ අතර නිලවරණය පැවැත්වෙන අවස්ථාවේදී නමාස් ෆවුසි මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගැනීමත් සමග රිස්වි ෆාරුක් මහතා නිතරගයෙන් ලේකම් ධූරය සඳහා පත් විය. භාණ්ඩාගාරික ධූරය සඳහා රිස්මින් රාසික් මහතා සහ උපුල්වන් සේරසිංහ මහතා අතර ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබුණද, අවසන් මොහොතේ සේරසිංහ මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගැනීම නිසා රාසික් මහතාද භාණ්ඩාගාරික ධූරයට පත්වූයේ නිතරගයෙනි.
ලේකම් ධූරය සහ භාණ්ඩාගාරික ධූරය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා ඉල්ලා අස්කරගත් නමාස් ෆවුසි මහතා සහ උපුල්වන් සේරසිංහ මහතා පිළිවෙලින් සහකාර ලේකම් සහ උප භාණ්ඩාගාරික යන ධූර සඳහා නතරගයෙන් පත් වූහ.
මෝටර් රථ ක්‍රීඩා සංගමය යටතේ පවතින ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සමාජ 9 හිම නියොජිතයන් මෙම මහ සභා රැස්වීමට සහභාගි වූ අතර සෑම ක්‍රීඩා සංගමයකින්ම සහ ක්‍රීඩා සමාජයකින්ම නිලධාරීන් දෙදෙනා බැගින් එහිදී කමිටු සාමාජිකයන් ලෙස තොරා ගැනිණ. එහෙත් කමිටු සාමාජිකයෙක් බවට පත්වීම සඳහා අවශ්‍ය සුදසුකම් සපුරා නොතිබීම හේතුවෙන් ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජයෙන් කමිටු සාමාජිකයන් ලෙස ඉදිරිපත් කළ දෙදෙනාගෙන් එක් අයෙකුගේ නමක් ප්‍රතික්ෂේප කෙරිණ. තනතුරු සඳහා පත්වීමෙන් අනතුරුව සංගමයේ ඉදිරි වැඩ කටයුතු පහසු කරගැනීම සඳහා අනු කමිටු 6 ක් පත්කිරීමට සභාපති දිල්හාන් ජයවර්ධන මහතා සහ තමා පියවර ගත් බව ලේකම් රිස්වි ෆාරුක් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
එහිදී සංගමයේ උප ලේකම් නමාස් ෆවුසි මහතා විනය කමිටු සභාපති ලෙසත්, භාණ්ඩාගාරික රිස්මින් රාසික් මහතා ක්‍රීඩා සංවර්ධන කමිටු සභාපති ලෙසත් පත් කර තිබේ. කමිටු සාමාජිකයන් ලෙස නම් කෙරණු මාලක හේරත්, ෂෙහාන් ද තිසේරා සහ රයන් ට්‍රොඞ් යන මහත්වරු පිළිවෙලින් ව්‍යවස්ථා සම්පාදන, ඉසව් අනුමැති/ධාවන පථ නිරීක්ෂක සහ තාක්ෂණික යන කමිටු වල සභාපතිවරු ලෙස පත් කර තිබේ. කෙසේ වුවත් තේරීම් කමිටුව සඳහා සභාපතිවරයෙක් සහ නිලධාරීන් පත්කිරීමේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බැවින් ඉදිරියේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර එම කමිටුව සඳහා සභාපතිවරයෙක් සහ නිලධාරීන් පත්කරගන්නා බවද ලේකම්වරයා පැවසීය.
සංගමයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් කළ විමසුමකදී ෆාරුක් මහතා කියා සිටියේ මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ වැඩි අවධානයක් යොමු වී නැති අංග 2 ක් වන ‘ගෝ කාට්’ තරගාවලි සහ ‘මොටර් රථ රැළි’ සඳහා ඉදිරියේදී වැඩි අවධානයක් යොමුකරන බවයි.
ඒ අනුව ලබන වසරේදී ගෝ කාට් ජාතික ශූරතාවක් අරම්භ කිරීමටත්, මෙරටදී පැවැත්වෙන මොටර් රථ රැළි සංඛ්‍යාව වැඩි කිරීමටත්, එම අංශ දෙකෙන්ම ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමටත් මෝටර් රථ ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වන බවද ෆාරුක් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව නිලධාරී මණ්ඩලය
සභාපති - දිල්හාන් ජයවර්ධන මහතා
ලේකම් - රිස්වි ෆාරුක් මහතා
උප සභාපතිවරු - සුරංජිත් ප්‍රේමදාස මහතා සහ කාලිංග සමරවීර මහතා
උප ලේකම් - නමාස් ෆවුසි මහතා
භාණ්ඩාගාරික - රිස්මින් රාසික් මහතා
උප භාණ්ඩාගාරික - උපුල්වන් සේරසිංහ මහතා
කමිටු සාමාජිකයෝ -
පුබුදු වික්‍රමගේ මහතා සහ ගාමිණී කවිකාර (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය)
මහේෂ් ගම්මන්පිල මහතා සහ ජයන්ත ගම්මන්පිල මහතා (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය)
දිල්ෂාන් දොඩම්වල මහතා සහ ඬේවිඞ් ට්‍රොඞ් මහතා (මෝටර් රේසිං සංගමය)
මහේන් හුරුල්ලේ මහතා සහ රයන් ට්‍රොඞ් මහතා (සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය)
අෂාර් අමීන් මහතා සහ ඇන්ඩෘ සිල්වා මහතා (සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය)
අනිල් ජයකොඩි මහතා සහ අජිත් හේමචන්ද්‍ර (ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය)
ටී. ජී. එන්. ගාමිණි මහතා සහ මාලක හේරත් මහතා (මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය)
රයන් ග්‍රේ මහතා සහ ෂෙහාන් ද තිසේරා මහතා (කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය)
ජාලිය ජයසේකර මහතා (ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.