Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෝසෑන්ඞ් පිල 54-42 කින් හේලීස් පිල පරදවයි

මෝසෑන්ඞ් පිල 54-42 කින් හේලීස් පිල පරදවයි

Nisanka Sandeepani - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඊ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී හේලීස් කණ්ඩායමට එරෙහිව ලකුණු 54-42 ක ජයක් වාර්තා කිරීමට මෝසෑන්ඞ් කණ්ඩායම සමත් විය. 
 
පළමු අර්ධය අවසානයේ ලකුණ 29-16 ක් ලෙස පෙරමුණගත් මෝසෑන්ඞ් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 25 ක් එක්කරගත්හ.
 
දෙවැනි අර්ධයේදී ලකුණු 26 ක් රැස්කිරීමට හේලීස් ක්‍රීඩකයෝ සමත් වුවද, පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය අනුව මෝසෑන්ඞ් කණ්ඩායමට තරගයේ ජය හිමිවිය. 
 
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 17 ක් රැස්කළ මෝසෑන්ඞ් කණ්ඩායමේ කේෂාන් ගයංග සම්මාන දිනාගත්තේය. 
 
තරගාවලියේ 27 වැනි දිනයේදී පැවැති තවත් ‘ඊ’ කාණ්ඩායේ තරගයකදී ලකුණු 56-49 ක් ලෙස ඩබ්ලිව්.එන්.එස්. කණ්ඩායම පරාජය කිරීමට එයිට්කෙන් කණ්ඩායම සමත් විය. 
 
‘ඊ’ කාණ්ඩය 
 
මෝසෑන්ඞ් කණ්ඩායම විසින් ලකුණු 54-42 ක් ලෙස හේලීස් කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - කේෂාන් ගයංග (මෝසෑන්ඞ් කණ්ඩායම) - ලකුණු 17 
 
එයිට්කෙන් කණ්ඩායම විසින් ලකුණු 56-49 ක් ලෙස ඩබ්ලිව්.එන්.එස්. කණ්ඩායම කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - රෂ්මික ලෝරන්ස් (එයිට්කෙන් කණ්ඩායම) - ලකුණු 22  

අදහස් (0)

මෝසෑන්ඞ් පිල 54-42 කින් හේලීස් පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.