Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකා එක්සත් ජනපදයේ බැංකු ගිණුමකට වැරදි සහගත ආකාරයෙන් යවන ලද රුපියල් මිලියන 28 ක මුදලක් (ඩොලර් 165,000 ක්) ආපසු ලබාගැනීමේ උත්සාහයක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරතව සිටී. පසුගිය අගෝස්තු මාසයේදී නිමා වූ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ‘සෝනි පික්චර්ස් නෙට්වර්ක්’ සමාගමෙන් මෙම මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අයවිය යුතුව තිබිණ.
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකාවේදී පැවැති ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතුව තිබිණ. මෙම මුදල කොටස් තුනකින් ලැබිය යුතුව තිබුණු අතර එහි පළමු කොටස් දෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් එහි අවසන් කොටස වන 15්% ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් වලට බැරවී නැත.
රූපවාහිනී විකාශය පිළිබඳ අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්දේසි අනුව එහි පළමු කොටස තරගාවලිය ආරම්භ වීමට පෙරත් අනෙක් කොටස තරගාවලිය අතර මැදදීත් අවසන් කොටස තරගාවලිය නිමාවීමෙන් පසුවද ගෙවිය යුතුය. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලිය නිමා වූයේ අගෝස්තු මස 14 වැනිදා පැවැති විස්සයි-20 තරගයෙනි. සැප්තැම්බර් මාසය තුළදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිරි මුදල බලාපොරොත්තු වූ නමුත් එය නොලැබිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු 15්% කොටස වැරදි ගිණුමකට බැරවී ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටහාගෙන ඇත්තේ එහි හිටපු මූල්‍ය ප්‍රධානියා අනිවාර්ය නිවාඩු යැවීමෙන් අනතුරුවය. එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් කෝටි 93 ක් හොං කොං හි සමාගමක් වෙත යැවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා තිබේ.
“මේ ගැන අපට දැනගන්න ලැබුණේ මෑතකදී. එංගලන්ත සංචාරය වෙනුවෙන් අපට ලැබිය යුතු මුදල් වෙනත් ගිණුමකට යවන්න සකස් කරපු ඉන්වොයිසිය නිසා අපි මෑතකදී කරපු අනෙකුත් ගනුදෙනු ගැන විමර්ශනය කළා. මේක හමුවුණේ ඒ වෙලාවෙදි තමයි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ලැබිය යුතු මුදල් අහිමි වීම සම්බන්ධයෙන් දැනට අනිවාර්ය නිවාඩු යවන ලද නිලධාරියා සම්බන්ධ යයි තහවුරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා ඉදිරිපත් නොවීය.
එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් වෙනත් ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පැවැත්වේ.
ඇමරිකාවට යවන ලද මුදල් ආපසු ගැනීම සඳහා අදාළ බැංකුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු කරමින් සිටින බවද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
මේ අතර වසර 2013 සිට 2018 දක්වා කාලය ඇතුළත රූපවාහිනී අයිතිවාසිකම් ආදායම සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කිරීම සඳහා සුප්‍රසිද්ධ විගණන සමාගමක් වන අර්නස්ට් ඇන්ඞ් යංග් සමාගම පත්කරනු ලැබ තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.