Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිලියනයක සුපිරි ත්‍යාගය දර්ශනට

මිලියනයක සුපිරි ත්‍යාගය දර්ශනට

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තත්පර දෙකක වෙනසකින් ටෙලිකොම් රේසිං පාපැදි සවාරියේ ශූරයා වු නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් රුපියල් මිලියනයක සුපිරි ත්‍යාගය දිනා ගැනීමට අද (31) සමත් විය.

අදියර පහකින් දින පහක් පුරා පැවැති ටෙලිකොම් පාපැදි සවාරියේ අද කොටස් දෙකකින් පැවැති අවසන් අදියරේ (5 වැනි) තරගය නිමාවට පත්විය.

සමස්ත තරගයේ මුඵ දුර කිලෝමීටර 780 කින් සමන්විත විය. මෙම කිලෝමීටර 780 ක දුර පැය 18 විනාඩි 29.53 ක අඩුම කාලයකින් නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් නිම කර තිබුණි.

සමස්ත තරගයේ දෙවැනි ස්ථානය ලැබු යුද හමුදාවේ චරිත් ප්‍රනාන්දු වාර්තා කළ මුඵ කාලය වෙනස් වුයේ (පැය. 18. විනාඩි 29.55) තත්පර දෙකකිනි. කිලෝමීටර 203 කින් පැවැති අනුරාධපුරයේ සිට පොලොන්නරුව හරහා මඩකලපුව දක්වා පැවැති අවසන් අදියර තරගයේ පළමු වැනි කොටස කස්සප සිරිවර්ධන විසින් ද දෙවැනි කොටස ගයාන් කුමාර විසින්ද දිනා ගන්නා ලදහ.

සාග් පදක්කම් ලාභී ජීවන් ජයසිංහ පෙරේදා සිවුවැනි අදියර තරග ජයගත් අතර සමස්ත තරගයේදී ඔහු තෙවැනි ස්ථානය ලැබීය. මෙහිදී දින කිහිපයක් සමස්ත තරගයේ පෙරමුණ රැක ගෙන සිටි චරිත් ප්‍රනාන්දුට ඊයේ අවසන් අදියරේදී තත්පර දෙකක පමණක් වු පසුබෑම හේතුවෙන් සමස්ත තරගයේ ජයග්‍රහණය අවසන් මොහොතේ අහිමිව ගියේය.

සමස්ත තරගයේ ශූරයා වූ දර්ශන කිසිදු අදියරක් ජයග්‍රහණය නොකළ ක්‍රීඩකයකු වීම ද විශේෂත්වයකි.
ටෙලිකොම් පාපැදි සවාරියට තරගකරුවන් 169 දෙනකු සහභාගි වු අතර එහිදී සමස්ත තරගය තරගකරුවන් 89 දෙනකු අවසන් කිරීමට සමත්ව ඇතැයි ප්‍රධාන විනිසුරු වු උපුල් චන්දන ප්‍රියනාත් මහතා කීවේය.


සමස්ත තරගයේ ජයග්‍රාහකයෝ (කිලෝමීටර 780)

1.දර්ශන ප්‍රසාද් (නාවික) පැය. 18. විනාඩි 29.53
2.චරිත් ප්‍රනාන්දු (යුද) පැය. 18. විනාඩි 29.55
3.ජීවන් ජයසිංහ (ගුවන්) පැය. 18. විනාඩි 23.22
4.අවිශ්ක මැඩොන්සා (පොලිසිය) පැය. 18. විනාඩි 30.31
5.කස්සප සිරිවර්ධන (වරාය) පැය. 18. විනාඩි 30.46


පස්වැනි අදියර (අනුරාධපුරයේ සිට පොලොන්නරුව දක්වා කිලෝමීටර 106)

පළමු අර්ධය අවසානයේ ජයග්‍රාහකයෝ:

1.කස්සප සිරිවර්ධන (වරාය) පැය. 2. විනාඩි 28.58
2.චාමර නුවන් කුමාර (වරාය) පැය. 2. විනාඩි 28.58
3.අශේන් තාරුක (ගුවන්) පැය. 2. විනාඩි 28.58
4.රංග ජීව පෙරේරා (යුද) පැය. 2. විනාඩි 28.58
5.රාජිත වික්‍රමාරච්චි (ගුවන්) පැය. 2. විනාඩි 28.58


දෙවැනි අර්ධය අවසානයේ ජයග්‍රාහකයෝ (පොලොන්නරුවේ සිට මඩකලපුව දක්වා කිලෝමීටර 97)

1.ගයාන් කුමාර (යුද ) පැය. 2. විනාඩි 09.20
2.මධුෂංක පෙරේරා (ගුවන්) පැය. 2. විනාඩි 09.20
3.ජීවන් ජයසිංහ (ගුවන්) පැය. 2. විනාඩි 09.20
4.ප්‍රදීප් නිශාන්ත (යුද) පැය. 2. විනාඩි 09.20
5.චරිත් ප්‍රනාන්දු (යුද) පැය. 2. විනාඩි 09.20


සිවුවැනි අදියරේ ජයග්‍රාහකයෝ (මහනුවර සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 149.8)

1.ජීවන් ජයසිංහ (වරාය) පැය. 3. විනාඩි 21.30
2.ගිහාන් පුෂ්පකුමාර (යුද) පැය. 3. විනාඩි 21.30
3.දර්ශන ප්‍රසාද් (නාවික) පැය. 3. විනාඩි 21.30


වේගවත්ම පාපැදි ක්‍රීඩකයා:
ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව)


දක්ෂතම කඳු නැඟීමේ ශූරයා:
විරාජ් රමේෂ්

 


අදහස් (0)

මිලියනයක සුපිරි ත්‍යාගය දර්ශනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.