Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය කිංග්ස් පෙරමුණ ගනී
එල්.පී.එල්. - 2024

යාපනය කිංග්ස් පෙරමුණ ගනී

editorial - 2024 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය නිමාවන පත්වන විට එනම් මූලික වටයේ තරග 10 ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත්ව සිටියි. මේ දක්වා තරග 4 කට ක්‍රීඩා කර ඇති ඔවුහු ඉන් තරග 3 ක් ජයගෙන ලකුණු 6 කට හිමිකම් කියති.  

ගාල්ල මාවල්ස් කණ්ඩායමද මේ දක්වා තරග 4 කට සහභාගි වී ඉන් තරග 3 ක් ජයගෙන ලකුණු 6 ක් ලබා සිටින නමුත් රඳවාගෙන ඇති ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබේ. 

කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරග 4 කදී තරග 2 ක් ජය ගෙන ලකුණු 4 කට හිමිකම් කියන අතර දඹුල්ල සික්සර්ස් සහ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම් තරග 4 කදී ජයගැනීමට සමත්ව ඇත්තේ එක් තරගය බැගින් පමණි. ඒ අනුව ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 2 කි. 

තරගාවලියේ මූලික වටයේ තවත් 10 ක් ඉතිරිව ඇති අතර එහිදී සෑම කණ්ඩායමක්ම තවත් තරග 4 ක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන් තරග 4 ක් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීද, සෙසු තරග 6 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත. 

මූලික වටයේ තරග එළබෙන 16 වැනිදායින් නිමාවට පත්වන අතර 18 වැනිදා පළමු අවසන් පූර්ව තරගය සහ පිළිමළුන් පිටු දැකීමේ තරගයද, 20 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයද පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළබෙන 21 වැනිදාය. 


 
-036 


අදහස් (0)

යාපනය කිංග්ස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.