Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාවට පහසු ජයක්

යුද හමුදාවට පහසු ජයක්

ශනුක අරවින්ද - 2016 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා යුද හමුදා පිල සහ සී.එච් ඇන්ඞ් එෆ්.සී පිල අතර කොළඹ තුරග තරග පිටියේදී සෙනසුරාදා  පැවැති අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගයෙන් ලකුණු 39-12 ක ජයක් වාර්තා කිරීමට යුද හමුදා පිල සමත්විය. තරගය පුරා ගෝල් 3 ක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඩුවම් පහරක් මගින් සිය ලකුණු රැස් කිරීමට යුද හමුදා පිල සමත්වූ අතර සී.එච්. පිලට ලබාගත හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි.

තරගය ආරම්භයේදීම ගයාන් සාලින්දගේ දඩුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ යුද හමුදා පිල සුමේධ නානායක්කාරගේ උත්සාහක දිනුමක් සාලින්දගේ පා පහරින් ගෝලයක් බවට පත්වෙද්දී ලකුණු 10-0 කින් ඉදිරියට ගියේය.

අරවින්ද කරුණාරත්නගේ උත්සාහක දිනුමක් සාලින්ද විසින් ගෝලයක් බවට පත්කරනු ලැබීම නිසා ලකුණු 17-0 කින් ඉදිරියට යාමට යුද හමුදා පිලට හැකිවිය. පළමු භාගය නිමාවීමට පෙර මොහොමඞ් රිෆ්කාන් තැබූ උත්සාහක දිනුමක් ෆාරිස් අලි ගෝලයක් බවට පත් කරමින් සී. එච්. පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර ලකුණු 17-7 කින් යුද හමුදා පිලට පෙරමුණේ තබමින් පළමුභාගය නිමාවිය.

දෙවැනි භාගයේ දී ජනිත් චන්දිමාල් විශිෂ්ට උත්සාහක දිනුමක් තබමින් සී.එච්. පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ නැංවූවත් ඉන් පසුව ප‍්‍රතිවාදින් ඇද බැඳතබාගත් යුද හමුදා කී‍්‍රඩකයෝ මොහොමඞ් රිස්විගේ උත්සාහක දිනුමත් සමග ලකුණු 22-12 කින් ඉදිරියට ගියහ.

චමීර සිල්වා පිට පිට තැබූ උත්සාහක දිනුම් දෙකත් සමගින් ලකුණු 34-12 කින් ඉදිරියට යාමට යුද හමුදාව සමත්විය. ඉන් පළමුවැන්න සාලින්දගේ පහරින් ගෝලයක් බවට පත්විය. තරගය නිමාවීමට මොහොතකට පෙර සංජීව හපුගස්කුඹුර තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 39-12 කින් ඉහළ දැමීමට යුද හමුදාවට හැකිවිය.

ඡායාරූප : වරුණ කරුණාසේකර


අදහස් (0)

යුද හමුදාවට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.