Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාව ජය පෙනි පෙනී පසුබසී

යුද හමුදාව ජය පෙනි පෙනී පසුබසී

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මොහොතේ පිට පිට උත්සාහක දිනුම් දෙකක් තබමින් ගුවන් හමුදා කණ්ඩායමට දැඩි සටනක් දුන් යුද හමුදා පිල අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ඊයේ පස්වරුවේ පැවැති තරගයේ දී ජයග්‍රහණය පෙනි පෙනී සිටියදීම ලකුණු 32-29 කින් පරාජයට පත්විය.

රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති මේ  තරගයේ පළමු අර්ධය නිමාවේදී 24-15 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ගුවන් හමුදාව දෙවැනි භාගයේ ආරම්භයේදීම ඉෂාර මධුෂාන් තැබූ අනගි උත්සාහක දිනුමකින් සිය ලකුණු සංඛ්‍යාව 29-15 කින් ඉහළ නංවාගත්තේය. එහෙත් ගුවන් හමුදා පිලට දැඩි පීඩනයක් ගෙනදුන් යුද හමුදා පිල තිසරු අධිකාරී තැබූ උත්සාහක දිනුම ගයාන් සාලින්ද විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් සා්රථකව තරගයට අවතීර්ණ වූයේ 22-29 ක් ලෙස ලකුණු පරතරයත් අඩුකොට දමමිනි.

තවත් සුළු වේලාවකට පසුව දඬුවම් පහරක් සාර්ථක කරගත් චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 32-22 දක්වා ඉහළ දැමීමෙන් ලකුණු පරතරය නැවත වැඩි වියු. එහෙත් යුද හමුදා පිලේ බලාපොරොත්තු ඉහළ දැමූ සුමේධ  නානායක්කාර අවසන් මොහොතේ තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට ගයාන් සමත්වූවත් ගුවන් හමුදා පිලේ ජයග්‍රහණය නැවැත්වීමට කාලය ඉතිරිව නොතිබිණි.

ගුවන් හමුදා පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් ඇතුළත් වූ අතර යුද හමුදා කණ්ඩායම ගෝල් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.

තරගය ආරම්භයේ දීම ධනුෂ්ක තල්වත්තගේ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ යුද හමුදා පිල 7-0 කින් පෙරමුණ ගත් අතර ගිම්හාන සිල්වාගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් ලකුණු සංඛ්‍යාව 7-7 ක් ලෙස සමකරගැනීමට චරිත් සෙනෙවිරත්න සමත්විය.

අනතුරුව දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 10-7 කින් පෙරමුණ ගත් යුද හමුදා පිලට අභියෝගයක් එල්ල කරමින් ලකුණු 14-10 කින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදා පිල සමත්වූයේ ක්‍රිෂාන් ජයසූරිය තැබූ උත්සාහක දිනුමක් චරිත් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙනි. අනතුරුව සාරක වැරැල්ලගේ උත්සාහක දිනුමත් ගෝලයක් බවට පෙරලූ චරිත් සෙනෙවිරත්න දඬුවම් පහරක් ද සාර්ථක කරමින් යුද හමුදා පිල පීඩනයට ඇද දැමුවේ ලකුණු 24-10 කින් ගුවන් හමුදා පිල ඉහළට ඔසවා තබමිනි.

අනතුරුව සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ තල්වත්ත යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ දමද්දී තරගයේ පළමුභාගය නිමාවට පත්වූයේ ලකුණු 24-15 කින් ගුවන් හමුදා පිල පෙරමුණට ගෙන එමිනි.

 


අදහස් (0)

යුද හමුදාව ජය පෙනි පෙනී පසුබසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.