Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවත්, කාන්තා ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවත් සමත් විය.
විවෘත පිරිමි අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස ගුවන් හමුදාවේ පුබුදු ඒකනායක සහ සුජීව චින්තක පරාජය කිරීමට යුද හමුදාවේ ඉන්දික ටිරෝන් සහ ජයාන් සනුජ සමත් වූහ. කාන්තා අවසන් මහ තරගයේදී නාවික හමුදාවේ සාගරිකා ගුණසිංහ සහ කසුනි තාරුකා හමුවේ වට 2-0 ක් ලෙස යුද හමුදාවේ චතුරිකා මධුෂානි සහ තමරා කුමාරි පරාජයට පත් වූහ.
තරගාවලියේ වයස 21 න් පහළ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. එහි පිරිමි අවසන් මහ තරගයේදී සීදුව දවිසමර විදුහල පරාජය කළ ගුවන් හමුදාව, කාන්තා අවසන් මහ තරගයේදී ගලිගමුව ක්‍රීඩා සමාජය පරාජය කළේය.
මෙම අවසන් මහ තරග ඉකුත් සෙනසුරාදා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ කෘතිම වෙරළ වොලිබෝල් පිටියේදී පැවැත්විණ.
තරග ප්‍රතිඵල
විවෘත පිරිමි
ඉන්දික ටිරෝන් සහ ජයාන් සනුජ (යුද හමුදාව) විසින් තරග වට 3-1 ක් ලෙස පුබුදු ඒකනායක සහ සුජීව චින්තක (ගුවන් හමුදාව) පරාජය කරන ලදහ. (15/21, 21/16, 15/13, 15/11)
විවෘත කාන්තා
සාගරිකා ගුණසිංහ සහ කසුනි තාරුකා (නාවික හමුදාව) විසින් තරග වට 2-0 ක් ලෙස චතුරිකා මධුෂානි සහ තමරා කුමාරි (යුද හමුදාව) පරාජය කරන ලදහ. (21/14, 21/6)
වයස 21 න් පහළ පිරිමි
අශේන් රෂ්මිත සහ කවිඳු මලින්ද (ගුවන් හමුදාව) විසින් තරග වට 3-1 ක් ලෙස රොහාන් මධුෂංක සහ මිහිරංග උදයකුමාර (දවිසමර විදුහල) පරාජය කරන ලදහ. (21/12, 19/21, 15/10, 17/15)
වයස 21 න් පහළ කාන්තා
ෂෙහානි අසංගා සහ මල්ෂා ප්‍රියමාලි (ගුවන් හමුදාව) විසින් තරග වට 2-1 ක් ලෙස ඩී.එච්. සේනාරත්න සහ ආර්.ඩී. ලක්මාලි (ගලිගමුව ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදහ. (17/21, 21/17, 15/9)
විවෘත පිරිමි ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායම |
විවෘත කාන්තා ශූරතාව දිනාගත් නාවික හමුදා කණ්ඩායම |
21න් පහළ පිරිමි ශූරතාව දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම |
21න් පහළ කාන්තා ශූරතාව දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.