Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදා නායකත්වයේ වෙනසක් නෑ

යුද හමුදා නායකත්වයේ වෙනසක් නෑ

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් මෙම සති අන්තයේ පැවැත්වෙන තරගවලදී නාවික හමුදා පිලේ නායකයා ලෙස යෝෂිත රාජපක්‍ෂත් යුද හමුදා පිලේ නායකයා ලෙස රෝහිත රාජපක්‍ෂත් සුපුරුදු ලෙසින්  නායකයන් ලෙස කටයුතු කරන බව එම කණ්ඩායම් නිලධාරීහූ පවසති.

මෙම කී‍්‍රඩකයන් දෙදෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතුන් වන අතර මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව එම පවුලේ ඇතැම් සාමාජිකයන් රටින් බැහැරව ගොස් ඇති බවට ද ආරංචි පැතිර යයි.

මෙම තත්ත්වය පිළිබදව කළ විමසුමකදී යුද සහ නාවික හමුදා රග්බි කණ්ඩායම්වල නිලධාරීන් පැවසුවේ යෝෂිත සහ රෝහිත දෙදෙනාම වෙනසකින් තොරව මේ සති අන්තයේ  තරගවලට ක‍්‍රීඩා කරන බවට දැනුම්දී ඇති බවයි.

යුද හමුදා රග්බි කණ්ඩායමේ නිලධාරිකු පැවසුවේ රෝහිත රාජපක්‍ෂ පුහුණුවීම්වලට ද සහභාගි වන බව දැනුම්දී ඇති බවයි.

ශී‍්‍ර ලංකාවේ අන්තර් සමාජ පළමු පෙළ රග්බි තරගාවලියට සහභාගි වෙමින් සිටි විදේශිය ක‍්‍රීඩකයන් රැසක්ද මේ වන විට දිවයිනෙන් පිටත්ව ගොස් ඇතැයි රග්බි ක්ෂේත‍්‍රයේ කථා බවට ලක්ව තිබේ. විදේශිය ක‍්‍රීඩකයන් ස`දහා අති විශාල මුදලක් ශ්‍රී ලංකාවෙන් පිටතට ගලා යන බවට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

පළමු වටය අවසානයේ මහනුවර ක‍්‍රීඩා සමාජය පළමු ස්ථානය හිමිකරගත් අතර නාවික හමුදාව දෙවැනි ස්ථානයේ පසුවෙයි. යුද හමුදා පිල පස්වැනි ස්ථානයේ රැදී සිටියි.   

මෙම සති අන්තයේ පැවැතිවෙන තරග
16 වැනිදා - නාවික හමුදා පිල සහ හම්බන්තොට ශාක්ස් පිල අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 4.30)
17 වැනිදා - හැව්ලොක්ස් පිල සහ පොලිස් පිල අතර හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 6.00)
17 වැනිදා - සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ යුද හමුදා පිල අතර සී. ආර්. පිටියේදී (පස්වරු 4.30)
18 වැනිදා - මහනුවර පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර නිත්තවෙල පිටියේදී (පස්වරු 4.30)


අදහස් (2)

යුද හමුදා නායකත්වයේ වෙනසක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.