Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුනියන් බැංකුවට ලකුණු 57-49 ක ජයක්

යුනියන් බැංකුවට ලකුණු 57-49 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 57-49 ක ජයක් වාර්තා කිරීමට යුනියන් බැංකු කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 32-21 ක් ලෙස පෙරමුණගත් යුනියන් බැංකු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 25 ක් එක්කරගත්හ. එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු 28 ක් රැස්කළද පළමු අර්ධයේදී පැවැති පරතරය හේතුවෙන් තරගයේ ජය යුනියන් බැංකු කණ්ඩායමට හිමිවිය.

කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 33 ක් රැස්කළ යුනියන් බැංකු කණ්ඩායමේ ඩොවෝන් රෙබර්ට් සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ හත්වැනි දිනයේදී පැවැති ‘ඩී’ කාණ්ඩායේදී තරගයකදී කොමාර්ෂල් බැංකු කණ්ඩායම පරාජය කිරීමට සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩායම සමත් වූ අතර ‘ඊ’ කාණ්ඩායේදී තරගයකදී ක්‍රේටිව් සොෆ්ට්වෙයාර් කණ්ඩායම පරාජය කිරීමට මෝසෑන්ඞ් කණ්ඩායමත් සමත් විය.


‘සී’ කාණ්ඩය
■    යුනියන් බැංකු කණ්ඩායම විසින් ලකුණු 57-49 ක් ලෙස එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඩොවෝන් රෙබර්ට් (යුනියන් බැංකු කණ්ඩායම) - ලකුණු 33

‘ඩී’ කාණ්ඩය
■    සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩායම විසින් ලකුණු 58-53 ක් ලෙස කොමාර්ෂල් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඩිලාන් දිනූෂ්ක (සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩාම) - ලකුණු 13

‘ඊ’ කාණ්ඩය
■    මෝසෑන්ඞ් කණ්ඩායම විසින් ලකුණු 70-43 ක් ලෙස ක්‍රේටිව් සොෆ්ට්වෙයාර් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - සජිඞ් මොහොමඞ් (මෝසෑන්ඞ් කණ්ඩායම) - ලකුණු 23

 


අදහස් (0)

යුනියන් බැංකුවට ලකුණු 57-49 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.