Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි පිල පුහුණු කිරීමේ බරත් සභාපති කරට

රග්බි පිල පුහුණු කිරීමේ බරත් සභාපති කරට

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට පුහුණුකරුවකු නොමැතිව තරගාවලියට සහභාගිවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

වසරක කොන්ත‍්‍රාත් කාලයක් සඳහා ශ‍්‍රී ලංකා රග්බි සංගමය සමග ගිවිසුමකට එක්ව සිටි ෆිජි ජාතික පුහුණුකරු සෙතෆානෝ කැටවු පෞද්ගලික කාරණයක් හේතුවෙන් සිය රට වෙත ගොස් ඇති බැවින් ශ‍්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ පුහුණුකරු ධුරය හිස්ව තිබේ.

ආසියානු ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම 27 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

දකුණු කොරියාව බලා යන ශ‍්‍රී ලංකා සංචිතයේ පුහුණුකරු ලෙස සෙතෆානෝ නම් කර තිබුණද ඔහු හදිසියේ සිය රට බලා යෑම හේතුවෙන් ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු සොයා ගැනීමට කාලයක් නොමැතිව ඇත. ඒ අනූව මේ දිනවල තරගාවලිය ඉලක්ක කරගනිමින් පුහුණුවීම් කරන ශ‍්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම පුහුණු කරවීමේ බරත් ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනවිරත්න මහතා බාරගෙන ඇත.

ආසියානු තරගාවලියට පෙර සිය රට වෙත ගොස් නැවත ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවට සෙතෆානෝ කැටුවු පොරොන්දු වී සිටියද වත්මන් තත්ත්වය අනූව ඔහුගේ යළි පැමිණීම සැක සහිතව බව වාර්තා වේ. වසරක කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට පෙරම ඔහු සිය රාජකාරියෙන් ඉවත් වී ඇති බවද දැන ගන්නට තිබේ.

සෙතෆානෝ යටතේ ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම පසුගියදා සහභාගි වූ මැලේසියානු සත් සාමාජික තරගාවලිය සහ හොංකොං සත් සාමාජික තරගාවලියේදි සිව්වැනි ස්ථානයට පත්විය. කෙසේ වෙතත් 2013 වසරේ ශ‍්‍රී ලංකා සත් සාමාජික පුහුණුකරු වු නිල්ෆර් ඉබ‍්‍රාහිම් එම වසරේ ශ‍්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරිම්වල තෙවැනි ස්ථානයට ගෙන ඒමට දායක විය. ඔහු මේ වන විට ශ‍්‍රී ලංකාව වයස අවුරුදු 20 න් පහළ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.


අදහස් (0)

රග්බි පිල පුහුණු කිරීමේ බරත් සභාපති කරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.