Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි විනිසුරුවන්ට නාවික හමුදාව පහර දෙයි

රග්බි විනිසුරුවන්ට නාවික හමුදාව පහර දෙයි

ශනුක අරවින්ද - 2015 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 16 Comment
A A A

නාවික හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) පස්වරුවේ පැවැති අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගයෙන් පසුව නාවික හමුදා කණ්ඩායමට සම්බන්ධ පිරිසක් විනිසුරුවන්ට සහ හැව්ලොක්ස් පිලේ ක‍්‍රීඩකයන්ට පහර දුන්හ.

මෙම පහර දීමේදී විනිසුරු මහේෂ් සේනානායක මහතා ඇතුළු දෙදෙනෙක් සුළු තුවාල ලැබූහ. මෙම පහර දීම සම්බන්ධයෙන් විනිසුරුවරු ඊයේ රාත‍්‍රී මහබාගේ පොලිසියට සිද්ධිය පිළිබදව පැමිණිල්ලක් ද කළහ.

මෙහිදී තරගය අවසන් වීමත් සමඟ සිවිල් ඇදුමෙන් සැරසී සිටි නාවික හමුදා කණ්ඩායමට සම්බන්ධ  ප‍්‍රධාන නිලධාරියකු සහ නාවික හමුදාවේ දෙවැනි පෙළ රග්බි ක‍්‍රීඩකයන් රැසක් විනිසුරු කාමරයට පැමිණ විනිසුරුවරුන්ට පහර දුන් ආකාරය දැකගත හැකිවිය.

සිවිල් ඇදුමෙන් සැරසී සිටි නාවික හමුදා ක‍්‍රීඩා ප‍්‍රධානියා තරගයේ ප‍්‍රධාන විනිසුරු අරුණ රන්කොත්ගේ මහතාගේ කාමරයට පැමිණ ‘‘බොහොම ස්තූතියි’’ යැයි පවසා පිටත්ව ගියේය.

අනතුරුව ඔහුත් සමඟ පැමිණි නාවික හමුදා රග්බි බැනියම සහ නිල ඇ`දුමින් සැරසී සිටි පිරිසක් විනිසුරු කාමරයේ තුළට පැමිණි අතර පිරිසක් දොරටුව වසාගෙන විනිසුරුවන්ට තර්ජනය කළහ.

එහි සිටි නාවික හමුදා දෙවැනි පෙළ කණ්ඩායම නියෝජනය කරන්නේ යැයි කියන විදේශිකයකුගේ නමකට සමාන නමකින් යුත් නාවික හමුදා රග්බි බැනියම ඇ`ද සිටි උස මහත පුද්ගලයකු ප‍්‍රධාන විනිසුරු රත්කොත්ගේ මහතාට පසු අවස්ථාවකදී පහර දෙන බවට තර්ජනය කළේය.

”පස්සේ මොකටද දැන් ගහන්න’ යැයි රත්කොත්ගේ මහතා පැවසූ අතර එහිදී එම කාමරයේ සිට පැමිණි මෙම තරගයේ විනිසුරුවකු ලෙස කටයුතු නොකළද රග්බි විනිසුරුවකු වන මහේෂ් සේනානායක මහතා විනිසුරුවන්ට පහර නොදෙන ලෙස පැවසීය. පසුව නැවතත් පැමිණි අතර නාවික හමුදා නිලධාරියා මහේෂ් සේනානායක මහතාටද තර්ජනය කළේය.

එහිදී ”අපිටත් ආණ්ඩු බලය තියෙනවා” යැයි මහේෂ් සේනානායක මහතා පවසනවාත් සමඟම නාවික හමුදා රග්බි බැනියම සහ නිල ඇදුම් ඇද සිටි ඇතැම් නාවික හමුදා සෙබළු ඇතුළු 50 ක පමණ පිරිසක් විනිසුරු කාමරය තුළදීම විනිසුරුවන්ට පහර දුන්හ. නාවික හමුදා රග්බි බැනියම ඇ`ද සිටි පුද්ගලයකු ප්ලාස්ටික් වතුර බෝතල් ගෙන විනිසුරු කාමර දෙසට විසි කළ ආකාරය ද දැකගත හැකිවිය.

පසුව නාවික හමුදා පොලියේ යැයි විශ්වාස කළ හැකි පිරිසක් සහ රග්බි සංගමයේ නිලධාරීන් පිරිසක් මැදිහත් වී විනිසුරු කාමරයේ දොර වසා විනිසුරුවන් ආරක්‍ෂා කර ගැනීමට පියවර ගත්හ.

මෙම සිද්ධියෙන් පසුව නාවික හමුදා පිල නියෝජනය කරන, ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ක‍්‍රීඩකයකුද සහ නාවික හමුදා රග්බි බැනියම සහ නිල ඇදුමින් සැරසී සිටි පිරිසක්ද එම ස්ථානයට ද දිවගොස් හැව්ලොස් ක‍්‍රීඩකයන්ට ද පහර දීමට උත්සාහ කළහ. එහිදී නාවික හමුදාවේ උසස් නිලධාරීන් යැයි සිතිය හැකි පිරිසක් මැදිහත්ව ක‍්‍රීඩකයන්ට පහර දීමේ උත්සාහය පාලනය කර හැව්ලොක්ස් පිල දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ වැලිසර නාවික හමුදා කදවුරු භූමියෙන් ඉවතට ගෙනයාමට කටයුතු සැලැස්වූහ.  

 


අදහස් (16)

රග්බි විනිසුරුවන්ට නාවික හමුදාව පහර දෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.