Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියට (2013) සහභාගිවීමට විදේශීය ක‍්‍රීඩකයෝ 30 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කණ්ඩායම් සමග එකතු වී සිටිති.
මෙවර තරගාවලිය අද (15) ආරම්භ වීමට නියමිතව තිබුණ ද, ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හේතුවෙන් තරගාවලිය ආරම්භය දිනයක් පසු පසට දැමීය.
තරගාවලිය ආරම්භ කරමින් හෙට (16) තරග තුනක් පැවැත්වේ. අද පැවැත්වීමට නියමිතව තිබූ හැව්ලොක්ස් පිල සහ හම්බන්තොට ශාක්ස් පිල අතර තරගය 18 වැනිදා පැවැත්වේ. පොහොය දිනය වන ඉරිදා (17) පැවැත්වීමට නියමිතව තිබූ තරග සෙනසුරාදා සහ සඳුදා පැවැත්වීමට සූදානම් කර තිබේ.
මෙවර තරගාවලියේදී ගුවන් හමුදා කණ්ඩායමට හැර සෙසු සියලූම කණ්ඩායම්වලට විදේශිය ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කිරීමට නියමිත අතර ඒ අතර නවසීලන්ත ප‍්‍රබල ක‍්‍රීඩකයන් කිහිපදෙනකුම මේ අතරට ඇතුළත්ව සිටින බව වාර්තා වේ. අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලට නවසීලන්ත අන්තර් සමාජ මට්ටමේ ප‍්‍රබල ක‍්‍රීඩකයෝ සිවුදෙනෙක් එකතු වී සිටිති. පොලිස් කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට නියමිත විදේශිය ක‍්‍රීඩකයන් මේ දක්වා පැමිණ නොමැති බව වාර්තා වේ.
මහනුවර ක‍්‍රීඩා සමාජය, හැව්ලොක්ස්, සී. ආර්. ඇන්ඞ් එෆ්. සී, අප්කන්ටි‍්‍ර ලයන්ස්, පොලිස්, සී. එච්. ඇන්ඞ් එෆ්. සී., නාවික හමුදා, යුද හමුදා, ගුවන් හමුදා සහ හම්බන්තොට ශාක්ස් යන කණ්ඩායම් 10 මෙවර තරගාවලියට සහභාගි වෙති. නව කණ්ඩායමක් වන හම්බන්තොට ශාක්ස් පිල පළමු වරට මෙම තරගාවලියට ක‍්‍රීඩා කරයි.
16 වැනිදා පැවැත්වෙන තරග
18 වැනිදා පැවැත්වෙන තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.