Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රත්වත්තේ සී. ආර්. පිල දිනවයි

රත්වත්තේ සී. ආර්. පිල දිනවයි

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේදී දිගින් දිගටම පරාජය වැළඳ ගනිමින් සිටින පොලිස් ක්‍රීඩා සමාජය ඊයේ පස්වරුවේ ජයග්‍රහණය අබියසට සේන්දු වුවද අවසන් මොහොතේදී සී. ආර්. පිල ඉදිරියට පැනීම නිසා මෙවරත් බලාපොරොත්තු සුන් කරගැනීමට සිදුවිය. පොලිස් කණ්ඩායමට එරෙහිව ලොන්ඩන් පෙදෙසේදී පැවැති තරගයේ දී සී. ආර්. පිල ලකුණු 31-26 ක ජයක් අත්කරගත්තේ තියුණු තරගයකින් පසුවය.

අවසන් මොහොත වෙද්දී ලකුණු 26-25 කින් පෙරමුණේ සිටි පොලිස් ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ තරින්ද රත්වත්තේ පිට පිට දඬුවම් පහර දෙකක්ම සාර්ථක කරමින් සී.ආර්.පිලට නොතිබූ ජයක් අත්කරදීම හේතුවෙනි.

තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 20-19 කින් ඉදිරියෙන් පසුවූ සී.ආර්.පිල තරගය පුරා ගෝලයක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහර 3 ක් වාර්තා කළ අතර පොලිස් කණ්ඩායම ගෝල් 3ක් සහ උත්සාහක දිනුමක් රැස් කළේය.

තරගයේ ආරම්භයේදීම ජොයෙල් පෙරේරාගේ උත්සාහක දිනුමකින් ලකුණු 5-0 කින් පෙරමුණ ගැනීමට පොලිස් පිල සමත්වූ අතර මොහොතකට පසුව උත්සාහක දිනුමක් තැබූ සී.ආර්.පිලේ සෂාන් මොහොමඞ් දෙපිලේ ලකුණු සංඛ්‍යාව 5-5 ක් ලෙස සමකර ගත්තේය.

ඉන් අනතුරුව කවිඳු පෙරේරා තැබු අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තරින්ද රත්වත්ත සී.ආර්.පිලට තරගයේ පෙරමුණ ගෙන දුන්නේ  ලකුණු 12-5 ක් ලෙසටය. පසුව දඬුවම් පහරකුත් සාර්ථක කරගත් හෙතෙම සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 15-5 කින් ඉදිරියට ගෙන ගියේය.

ඒ සමගම වාගේ හදිසියේම ආක්‍රමණශීලී තරග රටාවක් පෙන්නුම් කළ පොලිස් පිල පිට පිට ගෝල 2 ක්ම රැස් කරමින් සී. ආර්. පිල විශ්මයට පත් කිරීමට සමත්විය.

ඉන් පළමුවැනි උත්සාහක දිනුම තබනු ලැබුවේ රන්ධීර සිල්වා විසිනි. දෙවැන්න රදීෂ සෙනෙවිරත්න තැබුවේය.

උත්සාහක දිනුම් ද්විත්වයම ගෝල බවට පත් කළ රජිත සන්සෝනි පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 19 දක්වා ඉහළ දැමුවේ සී.ආර්. පිල ලකුණු 15 පසුවෙද්දීය. එහෙත් පළමුභාගය නිමාවීමට පෙර භානුක නානායක්කාර උත්සාහක දිනුමක් තබමින් සී.ආර්.පිලට යළි පෙරමුණට ගෙන ආවේ ලකුණු 20-19 ක් ලෙසිනි.  

දෙවැනි භාගය ආරම්භයේදී තරින්ද රත්වත්ත තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 25-19 කින් ඉහළ දමා ගැනීමට සී.ආර්.පිල සමත්වුවත් අවසන් මිනිත්තු කිහිපයේ දී සී.ආර්. ක්‍රීඩකයන්ගේ හදගැස්ම වැඩි කළ චූල සුසන්ත තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කළ සන්සෝනි ලකුණු 26-25 කින් පොලිස් පිලේ ජයග්‍රහණයේ අද්දරටම කැඳවාගෙන ආවේය. එහෙත් තරින්දගේ දඬුවම් පහර ද්විත්වයෙන් පොලිස් බලාපොරොත්තු සුන්වී ගියේය.


- 066

 

සී.ආර්. - පොලිස් ඩයලොග් රග්බි තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන)


අදහස් (0)

රත්වත්තේ සී. ආර්. පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.