Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රන් පදක්කම් 2 ක් - රිදී පදක්කම් 2 ක් දිනාගෙන එති

රන් පදක්කම් 2 ක් - රිදී පදක්කම් 2 ක් දිනාගෙන එති

editorial - 2024 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(කටුනායක ටී.කේ.ජී.කපිල)

දකුණු ආසියානු 04 වැනි ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 03 ක් සහ රිදී පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ දෙදෙනෙක් අද පස්වරුවේදී නැවතත් සියරට පැමිණියහ.

මෙම තරගාවලියේ දී දෘශ්‍යාබාධිත බොක්සිං (කිලෝ ග්‍රෑම් 70 ට අඩු) විවෘත අංශයෙන් තරග කළ කොළඹ කොළොන්නාවේ පදිංචි කාලීඩ් ඔස්මන්ඩ් අවසාන මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි. ඊට අමතරව මීටර් 5,000 දෘශ්‍යාබාධිත ධාවන ඉසව්වෙන් දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමටද ඔහු සමත් වී තිබුණි .

මෙම තරගාවලියට සහභාගී වූ පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අසංක දිසානායක දෘශ්‍යාබාධිත මීටර් 5,000 ධාවන ඉසව්වෙන් සහ මීටර් 5,000 ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගෙන තිබූ අතර මීටර් 3,000 ඇවිදීමේ ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම 04 වැනි දකුණු ආසියානු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවරදී පසුගිය 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පවත්වා තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


අදහස් (0)

රන් පදක්කම් 2 ක් - රිදී පදක්කම් 2 ක් දිනාගෙන එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.