Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රන් පදක්කම් 28ක් දිනූ ශ්‍රී ලංකාවට අනුශූරතාව

රන් පදක්කම් 28ක් දිනූ ශ්‍රී ලංකාවට අනුශූරතාව

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාලිකා - වයස 18 න් පහළ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම් 8ක් දිනාගත් කිමිකෝ රහීම්

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ සමස්ත
අනු ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 28 ක් දිනාගත් ශ්‍රී ලංකාව සමත් විය. රිදී පදක්කම් 66 ක් සහ ලෝකඩ පදක්කම් 95 ක්ද සමගින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගත් පදකම් සංඛ්‍යාව 189 කි.

රන් පදක්කම් 121 ක්, රිදී පදක්කම් 77 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනාගත් ඉන්දියාව තරගාවලියේ ශූරතාව දිනාගත් අතර රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගත් බංග්ලාදේශය එහි තෙවැනි ස්ථානයට පත්විය.

තරගාවලියේ සිව්වැනි දිනය වූ සෙනසුරාදා (22 වැනිදා) තවත් රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් සිය පදක්කම් ගොන්නට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසන් දිනයේදී බාලිකා - වයස 18 න් පහළ මීටර් 50 නිදහස් ආර, බාලිකා - වයස 18 න් පහළ මීටර් 100 පසුපස ආර සහ බාලිකා - වයස 18 න් පහළ මීටර් 800 නිදහස් ආර සහය ඉසව්වලදී රන් පදක්කම් දිනාගැනීමට කිමිකෝ රහීම් සමත් වූවාය.

එම රන් පදක්කම් 3 ත් සමගින් සිය රන් පදක්කම් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ දමාගැනීමට ඇයට හැකි වූ අතර ඉන් රන් පදක්කම් 5 ක් කේවල ඉසව්වලින්ද, 3 ක් සහාය ඉසව් ඉසව්වලින්ද හිමිවිය.

බාලක - වයස 18 න් පහළ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින් සිය පදක්කම් සංඛ්‍යාව 7 ක් දක්වා වර්ධනය කරගැනීමට කයිල් අබේසිංහ සමත් වෙද්දී, ඔහුගේ සොහොයුරු මැතිව් අබේසිංහ සිය පදක්කම් සංඛ්‍යාව 6 ක් දක්වා වර්ධනය කරගත්තේ බාලක - වයස 18 න් ඉහළ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගනිමිනි.

කයිල් කේවල ඉසව් 4 කදී සහ සහාය ඉසව් 3 කදී එම රන් පදක්කම් 7 දිනාගත් අතර මැතිව් කේවල ඉසව් 5 කදී සහ එක් සහාය ඉසව්වකදී රන් පදක්කම් 6 දිනාගත්තේය.

රන් පදක්කම දිනාගත් කයිල් අබේසිංහ (දකුණේ) සහ රිදී පදක්කම දිනාගත් ඩී. ධර්මප්‍රිය

එම දක්ෂතා නිසා තරගාවලියේ වයස 18 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිමිකෝ රහීම්ද, වයස 18 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කයිල් අබේසිංහද, වයස 18 න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මැතිව් අබේසිංහද සම්මාන දිනාගත්හ.

බාලක - වයස 15 න් පහළ මීටර් 100 පසුපස ආර ඉසව්වට සහභාගි වූ ශේවින්ද ද සිල්වාද අවසන් දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.

පිනුම් ඉසව්වෙන් අවසන් දිනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හිමිවූ අතර බාලිකා - ‘සී’ කාණ්ඩයේ පා පුවරුව ඉසව්වට සහභාගි වූ සෙනුරි වෙත්තසිංහ සහ කාන්තා - විවෘත ඉසව්වට සහභාගි වූ නෙත්මි ලියනගේ එම රන් පදක්කම් 2 ට හිමිකම් කීහ.

පදක්කම් සටහන (සිව්වැනි දිනය අවසානයේ)

රට         රන්  රිදී  ලෝකඩ  එකතුව 
ඉන්දියාව        121 77 18 216
ශ්‍රී ලංකාව       28 66 95 189
බංග්ලාදේශය   02 02 05 09
පාකිස්තානය    01 03 02 06
මාලදිවයින      00 02 15 17
නේපාලය  00 00 01 01

 

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ ජලක්‍රීඩා සංගමයේ නිලධාරී ජූඩ් පෙරේරා යන මහත්වරුන් අතින් පදක්කම් - සහතික පත් පිරිනැමූ අයුරු ...
(ඡායාරූප - ශානුක අරවින්ද)

 

දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ උණුසුම් අවස්ථා ...

(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

රන් පදක්කම් 28ක් දිනූ ශ්‍රී ලංකාවට අනුශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.