Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩාගේ ආබාධ තතත්වය වෙස්වළාගත් ආශිර්වාදයක් බව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ඇලන් ඩොනල්ඞ් මහතා ප්‍රකාශ කරයි.
22 හැවිරිදි රබාඩා නවතම අන්තර් ජාතික ටෙස්ට් පන්දු යවන්නන්ගේ සටහනේ පෙරමුණේ රැදී සිටිනුයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පන්දු යවන්නන් අතර ගැලවුම්කරුගේ භූමිකාවද රඟපාමිනි.
ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතරපැවති ටෙස්ට් තරගාවලිය තරග 3-1 ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හැකි විය. එහිදී කණ්ඩායමේ ප්‍රධාන කඩුලු දවාගන්නා ලෙස කටයුතු කළ රබාඩා සමස්ත තරගාවලිය තුළදී කඩුලු 23ක් බිඳ හෙළමින් තරගාවලියේ වීරයා බවටද පත් විය.
මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියත් රබාඩාගේ ආබාධිත තත්වය නිසා මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියද ඔහුට අහිමි විය.
රබාඩාගේ ආබාධිත තතත්වය නිසා ඔහුට මාස 3ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි බව දකුණු අප්‍රිකා ක්‍රිකට් මණ්ඩලය ප්‍රකාශ කර සිටී.
ඩොනල්ඞ් මහතාගේ ප්‍රකාශයට අනුව පැහැදිලි වන්නේ, රබාඩා මාස 3 ක කාලයකින් පසුව ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වීම නිසා ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කිරිමේ අවස්ථාව තිබෙන බවයි.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.