Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ටෙස්ට් කඩුලු 69 ක හිමිකරුවකු වන රමේෂ් මෙන්ඩිස් ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට යොමුකර තිබේ. ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙන, නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට රමේෂ් මෙන්ඩිස් ඇතුළත් කර තිබේ.
ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙසින් නුවනිඳු ප්රනාන්දු නම්කර ඇත.
නවසීලන්තයට එරෙහිව පසුගිය මාසයේදී ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයට ක්රීඩා කරමින් ඉනිම දෙකේදීම කඩුලු 6 ක් දවාගත් නමුත් රමේෂ් මෙන්ඩිස්ගේ පන්දු යැවීම නියමිත එල්ලයේ නොතිබිණ. ඒ හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයේදී සිය ස්ථානය අහිමි කරගත් පිට දඟ පන්දු යවන්නා, පසුගියදා නිමාවූ ජාතික සුපර් ලීග් (එක්දින) තරගාවලියේදීත් ක්රීඩා කළේ එකම තරගයකට පමණි.
ටෙස්ට් ක්රීඩකයකු වශයෙන් වැඩි අවධානයක් දිනා සිටින රමේෂ් මෙන්ඩිස් මේ දක්වා සහභාගි වී ඇත්තේ එක්දින අන්තර්ජාතික තරග 4 කට සහ වි-20 අන්තර්ජාතික තරග 4 කට පමණි.
නායක නුවනිඳු ප්රනාන්දු, බොහෝ බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු වන නමුත් සාර්ථකත්වය දිගටම පවත්වාගෙන යාම පිළිබඳ ප්රශ්නයකට මුහුණ දී සිටින ක්රීඩකයෙකි. ශ්රී ලකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්රිකාවෙදී පැවැති ටෙස්ට් තරග දෙකක ඉනිම 4 කින් ලකුණු 38 ක් පමණක් ලබාගත් නුවනිඳු ශ්රී ලංකාවට පැමිණි පසු, එන්.එස්.එල්. එක්දින තරගාවලියේදී කොළඹ පිල වෙනුවෙන් ලකුණු 164 ක් ලබාගත්තේය. එහෙත් ඔහුගේ ඊළඟ ඉනිම දෙක සටහන් වූයේ ලකුණු 35 ක් සහ 20 ක් ලෙසිනි.
තේරීම් කමිටුවේ වත්මන් උත්සාහය සීමිත ඕවර තරග සඳහා හෝ නුවනිඳුගෙන් වැඩක් ගැනීමට හැකියාවක් ඇත්ද යන්න විමසා බැලීමයි.
කණ්ඩායම් 8 ක් සහභාගි වන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලිය මේ මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙයි. ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන ශ්රී ලංකා ‘ඒ’ පිල මූලික වටයේදී ඇෆ්ඝනිස්තානු, බංග්ලාදේශ සහ හොං කොං ‘ඒ’ කණ්ඩායම් වලට එරෙහිව තරග වදිනු ඇත.
තරගාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්වේ. එක් එක් කාණ්ඩයේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක මේ මස 25 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගනු ඇත. අවසන් මහ තරගය මේ මස 27 වැනිදා පැවැත්වෙයි.
ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (15 වැනිදා) ඕමානය බලා පිටත්ව යනු ඇත.
ශ්රී ලංකා ‘ඒ සංචිතය
නුවනිඳු ප්රනාන්දු (නායකයා), ළහිරු උදාර, යශෝධ ලංකා, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, අහන් වික්රමසිංහ, දිනුර කළුපහන, කවිඳු නදීශාන්, රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රංසික, ඉසිත විජේසුන්දර සහ එෂාන් මාලිංග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.