Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රයියදුගේ ශතකය චෙන්නායි පිලට ජය ගෙනෙයි

රයියදුගේ ශතකය චෙන්නායි පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බති රයියදුගේ (නොදැවී 100) ශතකය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පූනේහිදී අද (13 වැනිදා) පැවැති තරගය කඩුලු 8 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 19 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ෂේන් වොට්සන් සහ අම්බති රයිදු එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 81 කදී ලකුණු 134 ක සම්බන්ධතාවයක් පවත්වමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට අඩිතාලම දැමූහ.

පන්දු 62 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරතවීමට අම්බති රයිදු සමත්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ෂේන් වොට්සන් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 57 ක් රැස් කළේය.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් රැස් කළේය.

අර්ධ ශතක රැස්කරමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය කේන් විලියම්සන් සහ ශීකර් ධවාන් දෙවැනි කඩුල්ල සදහා පන්දු 75 කදී ලකුණු 123 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

ශීකර් ධවාන් පන්දු 49 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 79 ක් රැස්කළ අතර කේන් විලියම්සන් පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 51 ක් රැස්කිරීමට සමත්විය.
ශර්දූල් ඨාකූර් ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත්ත් අතර දීපක් චහර් සිය ඕවර 4 ලකුණු 16 කට සිමාකරමින් එක් කඩුල්ලක් දවාගත්තේය.

කණ්ඩායම දෙකම එක් වෙනස්කම බැගින් සිදුකර ඇති අතර කාන් ශර්මා වෙනුවට දීපක් චහර් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කැඳවා ඇති අතර යූසුෆ් පතාන් වෙනුවට දීපක් හූඩා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කැඳවා ඇත.

කාසියේ වාසිය ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179
(ශීකර් ධවාන් 79, කේන් විලියම්සන් 51, දීපක් හූඩා නොදැවී 21, ශර්දූල් ඨාකූර් 32/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 180
(ෂේන් වොට්සන් 57, අම්බති රයියදු නොදැවී 100, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 20)

 


අදහස් (0)

රයියදුගේ ශතකය චෙන්නායි පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.