Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ඇෆ්ඝනිස්ථානයේ සිටින ප්‍රබලතම දඟ පන්දු යවන්නන් වන රෂීඩ් ඛාන් සහ මුජිබුර් රහමන් දෙදෙනාටම ශාරීරික ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය අහිමි වී තිබේ. විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී මෙම දඟ පන්දු යවන්නන් දෙදෙනා විසින් පමණක් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 175 කි.
ටෙස්ට් තරග 5 ක් ද ඇතුළුව අන්තර්ජාතික තරග 190 කට සහභාගි වී සිටින රෂීඩ් ඛාන්, ඇෆ්ඝනිස්ථානු ක්‍රිකට් ක්‍රීඩාවේ සංඛේතය ලෙසින් සැලකෙයි. තවමත් 25 හැවිරිදි රෂීඩ් ඛාන් ක්‍රීඩා නොකරන ලීගයක් ලෝකයේ නැති තරම්ය. ඇෆ්ඝනිස්ථානයේ විස්සයි-20 නායකයා ද වන පා දඟ පන්දු යවන්නා, පසුගිය ලෝක කුසලාන තරගාවලියේ සිටම ප්‍රතිකාර ලබමින් සිටින බැවින්, ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්රාන් වත්මන් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.
රෂීඩ්ගේ හොඳම දඟ පන්දු සගයා වන මුජිබුර් රහමන්, විස්සයි-20 අන්තර්ජාතික තරග 45 කින් කඩුලු 58 ක් දවාගෙන සිටින්නෙකි. සම්මත පිට දඟ පන්දු යවන්නකු වූවත්, ඔහු අවස්ථානුකූලව පා දඟ පන්දු මෙන්ම ගුග්ලි පන්දු ද යවමින්, පිතිකරුවන් අමාරුවේ දමයි. මුජිබුර් ශ්‍රී ලංකාවට පැමිණියද පළමු එක්දින තරගයට පෙර ඔහුගේ දකුණු අත උළුක්කු වීම නිසා ඔහුට එක්දින තරගාවලියත් අහිමි විය.
මේ අතර එක්දින තරගාවලියේදී ක්‍රීඩා කළ රහමත් ෂා සහ ඉක්‍රම් අලිඛිල්ට ඉවත් කරමින් මොහොමඩ් ඉෂාක් සහ වෆාදර් මොමන්ඩ් සංචිතයට ඇතුළත් කර තිබේ. මොහොමඩ් ඉෂාක් කඩුලු රකින්නකු වන අතර වෆාදර් මොමන්ඩ් වේග පන්දු යවන්නෙකි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර විස්සයි-20 තරගාවලිය මේ මස 17, 19 සහ 21 දිනවලදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සියලුම තරග රාත්‍රී 7.00 ට ආරම්භ කෙරේ.
ඇෆ්ගනිස්ථාන සංචිතය:
ඊබ්‍රහිම් සද්‍රාන් (නායක), රහමනුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා), මොහොමඩ් ඉෂාක්, හස්රතුල්ලා සසායි, ගුල්බඩින් නයිබ්, මොහොමඩ් නබි, නජිබුල්ලා සද්‍රාන්, අස්මතුල්ලා ඔමාර්සායි, කරීම් ජනාත්, ශරෆුදීන් අෂ්රෆ්, ෆසල්හක් ෆාරුකී, ෆරීඩ් අහමඩ්, නවීන් උල් හක්, නූර් අහමඩ්, වෆාදර් මොමන්ඩ් සහ කයිස් අහමඩ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.