Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඩ් බුල් සමාගම විසින් සංවිධානය කරන “රයිඩ් මයි වේව් 2022” රළ මත ලිස්සා යාමේ තරගාවලිය හෙට සහ අනිද්දා (ජනවාරි 29 සහ 30) හික්කඩුවේදී පැවැත්වේ. ප්‍රවීණ සහ ආධුනික යන කාණ්ඩ දෙකටම විවෘත මෙම තරගාවලියේදී විදේශීය තරගකරුවන් හා කරට කර තරගවැදීමට ශ්‍රී ලාංකික තරගකරුවෝත් ඉදිරිපත් වී සිටිති.
රළ මත ලිස්සායම හෙවත් “සර්ෆින්” ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම තරගාවලිය මහඟු අවස්ථාවකි. ජාත්‍යන්තර වශයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමි මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ තව තවත් ජනප්‍රිය කරවීමට රෙඩ් බුල් සමාගම බලාපොරොත්තු වෙයි. රෙඩ් බුල් සමාගම ශ්‍රී ලංකාවේ වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීමටත් සුවිශාල කාර්යභාරයක් ඉටුකරයි.
සංචාරකයන්ගේ ආකර්ෂණය හිමි ක්‍රීඩාවක් වන රළ මත ලිස්සා යාම ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය තලයකට ගෙන ඒමත්, ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව එය ලොව සර්ෆින් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් මෙම ක්‍රීඩාවේ නිරත වන්නන්ගේ මූලික අරමුණකි.
ශ්‍රී ලංකාවේ විවිධ වෙරළ තීරයන්හි පවතින මුහුදු රළ එකිනෙකට වෙනස්ය. එය සර්ෆින් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා අතිශයින් වාසිදායක සාධකයක් බවට පත්වී තිබේ. එබැවින් සර්ෆින් ක්‍රීඩාවේ නිපුණත්වය හා පළපුරුද්ද අනුව එම ක්‍රීඩාවේ නිරත විය හැකි ආකාරයට ශ්‍රී ලංකාව කදිම අභියෝගාත්මක කලාපයක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන් බිහිවූ අති දක්ෂ සර්ෆින් ක්‍රීඩකයෙකු වන ලක්ෂිත මධුශාන් මේ වනවිට සර්ෆින් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනා සිටින්නෙකි. ඔහු මීට පෙර පැවැති “රෙඩ් බුල් රයිඩ් මයි වේව්” තරගාවලියේ ජයග්‍රාහකයෙකි.
“ශ්‍රී ලංකාව තුළ සර්ෆින් ක්‍රීඩාව ඉහළ තලයේ ක්‍රීඩාවක් දක්වා වර්ධනය කිරීමට හැකියාව තිබෙනවා. ‘රයිඩ් මයි වේව්’ කියන්නේ හුදෙක් ක්‍රීඩා ඉසව්වක් පමණක් නොවෙයි. එය සුවිශේෂී අත්දැකීමක්.” යයිද ලක්ෂිත මධුශාන් පැවසීය.
“රෙඩ් බුල් රයිඩ් මයි වෙව්’ තරගාවලිය කියන්නේ තරුණ සහ නැගී එන සර්ෆින් ක්‍රීඩකයන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක්. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පැවැත්වෙන මෙම තරගාවලිය සමග සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා”
“ඒ විතරක් නෙමේ. සර්ෆින් කියන්නේ වෙනස් ආකාරයේ ජීවන විලාසිතාවක් හිමි ක්‍රීඩාවක්. එමගින් එහි නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවන තත්ත්වය වෙනස් කළ හැකියි. ඒ නිසා ශ්‍රී ලංකාවේ සර්ෆින් ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමට හා පුළුල් කිරීමට අප කටයුතු කළ යුතුයි” යයි රෙඩ් බුල් රයිඩ් මයි වේව්’ තරගාවලියේ අධ්‍යක්‍ෂවරයා ලෙසින් කටයුතු කරන සන්දික තුෂාර මහතා පැවසීය.
සර්ෆින් හෙවත් රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් දියුණු කිරීමට මෙන්ම, එම ක්‍රීඩාවට නිල පිළිගැනීමක් ලබාදීම මගින් ඒ සම්බන්ධ ජීවන රටාව පිළිබඳ පවතින දුර්මත බිඳ දැමීමටද හැකි බවද සන්දික තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.
ලක්ෂිත මධුෂාන් රළ මත ලිස්සායාමේ තරගාවලියක ආරම්භක ස්ථානය කරා දිවයමින්...
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.