Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීයයන්ට 29-03 ක පහසු ජයක්

රාජකීයයන්ට 29-03 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු තරගය ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී අද (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29 -03 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉකුත් වසරේදී (2017) ලීග් රග්බි ශූරයන් බවට පත් වූ රාජකීය විදුහල, මේ වසරේදීද සාර්ථක තරගාවලියකට මුල පුරමින් අද පැවැති තරගය පුරා සිය ආධිපත්‍ය පතුරවමින් ක්‍රීඩාකළ අයුරු දැකගත හැකි විය.

එහිදී කිංග්ස්වුඞ් ක්‍රීඩකයන්ට එකම උත්සාහක දිනුමක් හෝ ලබාගැනීමට ඉඩ නොදුන් රාජයකීයයෝ, ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමගින් ලකුණු 29 ක් රැස්කළහ. කිංග්ස්වුඞ් විදුහලට හිමිවූයේ හැකිවූයේ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් ලද ලකුණු 3 ක් පමණි.

පළමු අර්ධය නිමාවන විටද ලකුණු 7-3 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට රාජකීය ක්‍රීඩකයෝ සමත් වූ අතර තරගය අවසානයේ උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගැනීමේදී හිමිවන ප්‍රසාද ලකුණද ඔවුන්ට හිමිවිය.

රාජකීය විදුහල වෙනුවෙන් නිකිල් ද සිල්වා, පසිඳු ප්‍රනාන්දු, රසිත් ප්‍රනාන්දු, ජනිඳු දිල්ෂාන් සහ සසිත සියත් යන ක්‍රීඩකයන් උත්සාහක දිනුම් ලබාගැනීමට සමත් වූ අතර ඉන් අවස්ථා 2 කදී ප්‍රවර්ථන සාර්ථක කරගත් දුලාන් ජයවර්ධන, ඒවා ගෝල දිනුම් බවට පත් කළේය. කිංග්ස්වුඞ් විදුහලට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ ධනංජය ගුණතිලක විසිනි.

 

 

 

රාජකීය - කිංග්ස්වුඩ් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඉෂාන් සංජීව
- 036

 


අදහස් (0)

රාජකීයයන්ට 29-03 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.