Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයේ අපරාජිතයන්ගේ සටනින් ශාන්ත ජෝශප් විදුහල් පිලට එරෙහිව ලකුණු 18-13ක ජයක් අත්පත් කරගත් රාජකීය විදුහල් පිල සිය අපරාජිතභාවය රැක ගත්තේය. අවසානය දක්වා පරිස්සම් සහගත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ දෙපිල අතර සටන උණුසුම්වීම නිසාම තරගය අඩු ලකුණු ප්‍රමාණයක එකක් බවට පත්වී තිබිණි.
හැව්ලොක් ක්‍රීඩා පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවෙද්දී රාජකීය විදුහල් පිල ලකුණු 10-7 කින් පෙරමුණ ගෙන සිටියේය.
දෙවැනි භාගය ආරම්භයේදීම රාජකීය විදුහල් පිලේ අංක 8 ක්‍රීඩක ඉෆ්හාම් ෆරීඞ් තැබූ විශිෂ්ට උත්සාහක දිනුමෙන් තරගයේ පීඩනය එහෙම පිටින්ම ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයන්ගේ හිස මත පැටවූ රාජකීයයෝ අනතුරුව ආපසු හැරී නොබලාම ජයග්‍රහණය දක්වා ගියහ.
ෆලීල්ගේ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට රාජකීය විදුහල් පිලේ දුලාන් ගුණවර්ධන අසමත්වූවත් ලකුණු 15-7 කින් පෙරමුණ ගැනීමට රාජකීයයන්ට හැකිවිය. එසේවුවත් එක පිට එක දෙවතාවක්ම ලද දඬුවම් පහර අවස්ථා දෙකක් සාර්ථක කරගත් නායක සමීෂ විරංගන ශාන්ත ජෝශප් විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 13ක් ලෙස ඉහළට ඔසවා තැබීමෙන් පසුව නම් රාජකීයයෝ තරමක් කළබළ වූහ.
ඒ වෙද්දී රාජකීය විදුහල් පිල ලකුණු 15-13 කින් ඉදිරියෙන් පසුවූ අතර ඒ වෙද්දී ගතවී තිබුණේ තරගයේ මිනිත්තු 50ක කාලයක් පමණි. එහෙත් ඉතිරි කාලය පුරාම ශාන්ත ජෝශප් විදුහල් පිලේ ක්‍රීඩකයන් ඇද බැඳ තබගනිමින් ජයග්‍රහණය අත්කර ගැනීමට රාජකීය විදුහල් පිල සමත්වූයේ 67 වැනි මිනිත්තුවේදී දුලාන් ගුණවර්ධන සාර්ථක කරගත් තීරණාත්මක දඬුවම් පහරත් සමගිනි.
තරගයේ ආරම්භයේදීම තරිඳු මධුරංග තැබූ ඉක්මන් උත්සාහක දිනුමක් ගෝලයකට බවට ප්‍රවර්තනය කළ සමීෂ විරංගන ශාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගිය අතර ඊට මොහොතකට පසුව රාජකීය විදුහල් පිල ලකුණු ලබාගැනීම ආරම්භ කළේ දුලාන් ගුණවර්ධන දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 3ක් ලබා දීමෙනි.
ඊළඟ මිනිත්තු දහයේදී කරට කර පැවැති සටනින් පෙරමුණ ගැනීමට රාජකීයයෝ සමත්වූයේ හිමන්ත හිරුෂාන් තැබූ උත්සාහක දිනුමෙනි. දුලාන් ගුණවර්ධන එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් සිය කණ්ඩායම ලකුණු 10-7කින් ඉහළට ඔසවා තැබුවේය.
රාජකීය විදුහල - 18
උත්සාහක දිනුම් 2 යි
හිමන්ත හිරුෂාන්, ඉෆ්හාම් ෆරීඞ්
ප්‍රවර්තන
දුලාන් ගුණවර්ධන (1)
දඬුවම් පහර
දුලාන් ගුණවර්ධන (2)
ශාන්ත ජෝශප් විදුහල - 13
උත්සාහක දිනුම් 1යි
තරිඳු මධුරංග
ප්‍රවර්තන
සමීෂ විරංගන (1)
දඬුවම් පහර
සමීෂ විරංගන (2)
රාජකීය - ශාන්ත ජෝශප් අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.