Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිත්ව විදුහල් කණ්ඩායම එහෙම පිටින්ම බිමට සමතලා කරමින් වාර්ෂිකව පැවැත්වෙන බ්‍රැඞ්බි පළිහ රග්බි තරගාවලියේ පළමු අදියරේදී ලකුණු 39-7 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ රාජකීය විදුහල පළමු අදියරේ අපරාජිත කණ්ඩායම ලෙසින් කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ සෙනසුරාදා පස්වරුවේදී මෙම තරගය පැවැත්විණ.
සම්ප්‍රදායික පසමිතුරන් අතර පැවැති මේ තරගය නැරැඹීමට එක්වී සිටි අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් මැද පලමු මිනිත්තු 15 දී දෙපිලම මැද කරට කර තරග වැදුණත් ඊළඟට සසිත සියාත්ගේ උත්සාහක දිනුමෙන් ලකුණු 5-0 කින් රාජකිය විදුහල් පිල පෙරමුණ ගත්තේය.
එයින් මිනිත්තු 3 කට පසුව ජනිඳු ඩිල්ෂාන් තැබූ අනගි උත්සාහක දිනුම ෆුල් බෑක් ක්‍රීඩක දුලාන් ගුණවර්ධන ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමෙන් ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දමාගත් රාජකීය විදුහල් පිල කෙමෙන් කෙමෙන් ඉදිරියට යද්දී ත්‍රිත්ව විදුහල් පිලේ කළබළය දෙගුණ තෙගුණ විය.
පළමු භාගය නිමාවට පෙර රාජකීය විදුහල් පිලේ තුන්වැනි උත්සාහක දිනුම තැබිමට ප්‍රොප් ක්‍රීඩක බිම්සර ඉඳුවර සමත්විය. එය සාර්ථකව ගෝලයක් බවට ප්‍රවර්තනය කළ දුලාන් ගුණවර්ධන රාජකීය විදුහල් පිල ලකුණු 19-0 කින් ඉහළට ඔසවා තැබුවේය.
දෙවැනි භාගය ආරම්භ වී මොහොතකින් මලීෂ මධුමෙවන් තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 24 දක්වා ඉහළ දමාගත් රාජකීය විදුහල් පිල හමුවේ ත්‍රිත්ව විදුහල් පිලේ පළමු හා එකම උත්සාහක දිනුම තබනු ලැබුවේ වින්ග් ක්‍රීඩක විශ්ව රණරාජා විසිනි. නායක අවිශ්ක ශේක් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 7 දක්වා ඉහළ දැමුවේය.
එහෙත් ඉන් පසුව ත්‍රිත්ව විදුහල් පිලට හැරෙන්නටවත් ඉඩ නොතැබූ රාජකීයයෝ ජනිඳු ඩිල්ෂාන් තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 31 දක්වා ඉහළ දමාගත්තේ දුලාන් ගුණවර්ධනයේ ප්‍රවර්තනයත් සමගිනි.
තරගයේ 67 වැනි මිනිත්තුවේ දී හිමන්ත හිරුෂාන් තැබූ උත්සාහක දිනුමත් සමග රාජකීය විදුහල් පිලේ ජයග්‍රහණය තහවුරු විය. අවසන් මොහොතේ ලද දඬුවම් පහරත් සාර්ථක කළ ෆාදිල් අද්නාන් රාජකීයයන්ගේ විශිෂ්ට ජයග්‍රහණය තවත් වර්ණවත් කළේය.
බ්‍රැඩිබි පළිහ දෙවැනි තරගය ලබන මැයි මස 5 වැනිදා පල්ලෙකැලේ දී පැවැත්වෙයි.
රාජකීය විදුහල - ලකුණු 39
■ උත්සාහක දිනුම්
ජනිඳු ඩිල්ෂාන් 2 යි, සසිත සියාත් 1 යි, බිම්සර ඉඳුවර 1 යි, මලීෂ මධුමෙවන් 1යි, හිමන්ත හිරුෂාන් 1යි
■ ප්‍රවර්තන
දුලාන් ගුණවර්ධන 3 යි
■ දඬුවම් පහර
ෆාදිල් අද්නාන් 1 යි
ත්‍රිත්ව විදුහල - ලකුණු 07 යි
■ උත්සාහක දිනුම්
විශ්ව රණරාජා 1 යි
■ ප්‍රවර්තන
අවිශ්ක ශේක් 1යි
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.